spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

යුක්තිය මෙහෙයුමෙන් අයුක්තියක්? (වීඩියෝ)

යුක්තිය මෙහෙයුම හරහා දෙහිවල සෝල් බීච් අවන්හල කඩා බිඳ දැමුවේ හමුදාවේ ඉහළ පෙළේ නිලධාරියෙකුගේ අවශ්‍යතාව මත බව සෝල් බීච් අවන්හලේ කලමනාකාර අධ්‍යක්ෂ සම්පත් අත්තටගේ මහතා පවසනවා.

මෙම අවන්හල මාස 3 ක් වැනි කෙටි කාලයක් තුල දෙස් විදෙස් සංචාරකයන් අතර ඉහළ ජනප්‍රියත්වයක් දිනාගැනීම හේතුවෙන් තමන්ට අභූත චෝදනා ඉදිරිපත් කර කෝටි ගණනක ව්‍යාපාරයක් විනාශ කර දැමීමට කටයුතු කළ බවයි ඔහු දසත නිවුස් වෙත ප්‍රකාශ කර සිටියේ.

මෙම වසරේ ජනවාරි පළමු වැනිදා දෙහිවල මුහුදු තීරයේ පවත්වාගෙන යන මෙම හෝටලයට කඩා බිඳ දැමීමට මෙලෙස කටයුතු කර තිබුනා.

පොලිසිය පැවසුවේ මෙම අවන්හල මෙරටින් පළා ගොස් විදෙස් රටක සැඟ වී සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙකු වන ශිරාන් බාෂික් නැමැත්තාට අයත් බවයි.

අවන්හල කඩා බිඳ දමන අවස්ථාවේ නිලධාරීන්ට බාධා කිරීමේ චෝදනාව මත අවන්හලේ කළමනාකාර අධ්‍යක්ෂ සම්පත් අත්තට්ටගේ මහතා හා සේවකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනුනා.

ඔවුන් ඊයේ ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇපමත මුදා හැරීමටයි නියෝග කෙරුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
2
+1
2
+1
5
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?