යුක්තිය මෙහෙයුම්වලින් තවත් අපරාධකරුවන් 697ක් අල්ලයි

ගතවු පැය 24 තුළ දිවයින පුරා යුක්තිය මෙහෙයුම්වලින් අපරාධකරුවන් 697ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 559ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 138ක් ඊට අයත්.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 559 දෙනා අතර, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 06 ක්, පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කරන ලද සැකකරුවන් 01 ක් සහ රැදවුම් නියෝග මත රඳවා ගෙන විමර්ශනය සිදුකරන පුද්ගලයින් 03 ක් සිටී.

එසේම, අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 138 දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 12 ක්, මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 106 ක් සහ අපරාධවලට අවශ්‍ය කරන සැකකරුවන් 15 ක් හා ඇඟිලි සළකුණු ඔස්සේ අණාවරණය වි ඇති සැකකරුවන් 05 ක් සිටින බව සඳහන්.

දිවයිනපුරා සිදුකළ මෙහෙයුම්වලින් හෙරොයින් ග්‍රෑම් 170 මිලිග්‍රෑම් 224ක්, අයිස් ග්‍රෑම් 113 මිලිග්‍රෑම් 351ක්, ගංජා ග්‍රෑම් 814 මිලිග්‍රෑම් 21ක්, මාවා ග්‍රෑම් 55ක්, තූල් ග්‍රෑම් 65ක්, මදන මෝදක ග්‍රෑම් 432ක්, ඈෂ් ග්‍රෑම් 3 මිලිග්‍රෑම් 522ක්, මත්පෙති 137ක් සහ ගංජා පැළ 26,186ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:30
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:34
Video thumbnail
ලංකාවේ පාසල් පද්ධතිය බරපතළ අභියෝගයකට ලක්වෙලා තියෙන්නේ
06:33