‘යුක්තිය’ මෙහෙයුමට තවත් 822ක් කොටුවෙයි

ඊයේ (01) අලුයම 12.30 සිට අද (02) 12.30 දක්වා කාලය තුල සිදුකරන ලද විශේෂ මෙහෙයුමේ දී සැකකරුවන් 822 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන්ගෙන්, සැකකරුවන් 60ක් සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

එමෙන්ම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවු පුද්ගලයින් 72දෙනෙකු පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබෙනවා.

ඊට අමතරව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 91 දෙනෙකු මෙම මෙහෙයුමේ දී අත්අඩංගුවට ගැනුණු පිරිස අතර සිටින බවයි පොලිසිය පැවසුවේ.

මේ අතර හෙරොයින් ග්‍රෑම් 273ක්, අයිස් ග්‍රෑම් 111ක්, ගංජා කිලෝ 01යි ග්‍රෑම් 623ක්, ගංජා පැල 100ක් මාවා ග්‍රෑම් 04ක් සහ මත්පෙති 426ක් මෙහිදී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.