යුක්තියේ මෙහෙයුමෙන් තවත් 1135ක් අත්අඩංගුවට

ගතවූ පැය 24ක කාලය තුල යුක්තිය මෙහෙයුමට අදාළ වැටලීම්වලින් සැකකරුවන් 1135 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.

ඊයේ (06) අලුයම 12.30 සිට අද (07) අලුයම 12.30 දක්වා කාලය තුලදීයි මෙම වැටලීම් සිදුකර ඇත්තේ.

මෙහෙයුමේදී මුලු සැකකරුවන් 1135 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් සැකකරුවන් 46ක් සම්බන්ධව රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවු පුද්ගලයින් 16 දෙනෙකු පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

එමෙන්ම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශයේ ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 58 දෙනෙකු ද මෙදින මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැටලීම්වලදී හෙරොයින් කිලෝ 56යි ග්‍රෑම් 100ක්, අයිස් කිලෝ 189යි ග්‍රෑම් 600ක්, ගංජා කිලෝ 05යි ග්‍රෑම් 900ක්, ගංජා පැල 2420ක්, තුල් කිලෝ දෙකක් සහ මත්පෙති 2024ක් සොයාගෙන තිබෙනවා.

මේ අතර යුක්තිය මෙහෙයුමට සමගාමිව බස්රථ පරීක්ෂා කිරීමේ විශේෂ රථවාහන මෙහෙයුමේදී ඊයේ දිනයේ බස් රථ 972ක් සහ වෙනත් වාහන 482ක් පරීක්ෂාවට ලක්කර තිබෙනවා.

එම මෙහෙයුමට පොලිස් නිලධාරීන් 969ක් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 175ක් එක්වී තිබුණා.

අදාළ මෙහෙයුමේදී මත්ද්‍රව්‍ය සමග පුද්ගලයන් 21ක් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකපිට අත්අඩංගුවට ගත් සංඛ්‍යාව 12ක්.

හෙරොයින් ග්‍රෑම් 290ක්, අයිස් ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 640ක්, ගංජා ග්‍රෑම් 65යි මිලිග්‍රෑම් 470ක්, නීති විරෝධී මත්පැන් මිලිලීටර් 3750ක්, ගංජා මිශ්‍ර දුම් කුඩු ග්‍රෑම් 13යි මිලිග්‍රෑම් 200ක්, මත්පෙති 3ක්, ගංජා මිශ්‍ර බාබුල් ග්‍රෑම් 15ක්, විදේශ රටක නිශ්පාදිත දුම්වැටි 20ක්, නීති විරෝධි ලෙස ප්‍රවාහනය කරන ලද හරක් මස් කිලෝ 100ක් සහ අත්විලංගු ජෝඩු 01ක් ද විශේෂ වාහන මෙහෙයුමේදී සොයාගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16