යුක්තියේ මෙහෙයුමට සමගාමීව ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන් පරීක්ෂා කෙරේ

යුක්තියේ මෙහෙයුමට සමගාමීව හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන් පරීක්ෂාවට ලක් කිරීම අද වටවල දියගල ප්‍රදේශයේදී සිදු කර තිබෙනවා.

හැටන් පොලිස් කොට්ඨාසය භාර පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ වටවල පොලිසියේ නිලධාරින් සහ මස්කෙලිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් එක්වයි මෙම මෙහෙයුම සිදු කරනු ලැබුවේ.

මෙම මෙහෙයුමේදී ඇල්පිටිය සිට වන්දනාකරුවන් පිරිසක් රැගෙන පැමිණි පෞද්ගලික බස් රථයක මගීන්ට අවහිර වන ලෙස සවි කර තිබු අමතර විදුලි බුබුළු සහ උපාංග ගලවා ඉවත් කිරීමට මෙහෙයුමට සහභාගි වූ පොලිස් නිලධාරින් උපදෙස් ලබාදී තිබෙනවා.

මෙහෙයුමට සමගාමීව කොළඹ සහ මහනුවර ප්‍රදේශවල සිට හැටන් සහ නුවරඑලිය දක්වා පැමිණෙන සියළුම වාහන පරීක්ෂා කර මත්ද්‍රව්‍ය භාවිතා කරන සහ අලෙවි කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට තොරතුරු ලබා ගැනීම සඳහා නිකුත් කර ඇති විශේෂ දුරකථන අංකය සහිත ස්ටිකරය අලවනු ලැබූ බව අප වාර්තාකරු සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
5
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59
Video thumbnail
ඩෙංගු රෝගය ගැන දැනගත යුතුම කරුණු මෙන්න - කම්පන තත්ත්වයට යන්න පුළුවන්
14:59
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් කටාර් තානාපති කාර්යාලයට ගිය නි.ඇමති
01:56
Video thumbnail
මීගමු බන්ධනාගාර භූමියෙන් උණ්ඩ කොපු 271ක් හමුවෙයි..පසුදා වනතුරු බලය තිබුණේ රැඳවියන් සතුව - CID
05:33
Video thumbnail
කඩුවෙල බස්නැවතුම්පළ ඉදිරිපිට කාණුවේ මදුරු කීටයෝ පිරිලා - අවුරුදු ගාණක් තිස්සේ වතුර බහින්නේ නෑ
02:03
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
02:40