spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

යුක්තියේ මෙහෙයුමට සමගාමීව ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන් පරීක්ෂා කෙරේ

යුක්තියේ මෙහෙයුමට සමගාමීව හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන් පරීක්ෂාවට ලක් කිරීම අද වටවල දියගල ප්‍රදේශයේදී සිදු කර තිබෙනවා.

හැටන් පොලිස් කොට්ඨාසය භාර පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ වටවල පොලිසියේ නිලධාරින් සහ මස්කෙලිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් එක්වයි මෙම මෙහෙයුම සිදු කරනු ලැබුවේ.

මෙම මෙහෙයුමේදී ඇල්පිටිය සිට වන්දනාකරුවන් පිරිසක් රැගෙන පැමිණි පෞද්ගලික බස් රථයක මගීන්ට අවහිර වන ලෙස සවි කර තිබු අමතර විදුලි බුබුළු සහ උපාංග ගලවා ඉවත් කිරීමට මෙහෙයුමට සහභාගි වූ පොලිස් නිලධාරින් උපදෙස් ලබාදී තිබෙනවා.

මෙහෙයුමට සමගාමීව කොළඹ සහ මහනුවර ප්‍රදේශවල සිට හැටන් සහ නුවරඑලිය දක්වා පැමිණෙන සියළුම වාහන පරීක්ෂා කර මත්ද්‍රව්‍ය භාවිතා කරන සහ අලෙවි කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට තොරතුරු ලබා ගැනීම සඳහා නිකුත් කර ඇති විශේෂ දුරකථන අංකය සහිත ස්ටිකරය අලවනු ලැබූ බව අප වාර්තාකරු සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
5
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?