යුක්තියට මාසයයි – දිවයින පුරා අපරාධකරුවන් 40,590ක් අල්ලයි (වීඩියෝ)

යුක්තිය මෙහෙයුම යටතේ පසුගිය දෙසැම්බර් මස 17 වනදා සිට මාසයක කාලයක් දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වලදී සැකකරුවන් 40,590 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 38,225ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 2,365ක් ඊට අයත්.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 38,225 දෙනා අතරින් සැකකරුවන් 1,703ක් රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් 1,867ක් පුනරුත්තාපනය සඳහා යොමු කර තිබෙනවා.

නීති විරෝධී වත්කම් විමර්ශන ආරම්භ කළ සැකකරුවන් ගණන 225ක් වන අතර, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 2,801ක් ද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 2,365 දෙනා අතර මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 536ක් සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 1,499ක් ද වනවා.

ඇඟිලි සටහන් මාධ්‍යයෙන් හඳුනාගෙන අත්අඩංගුවට ගෙන නොමැතිව සිටි සැකකරුවන් 149ක් සහ අපරාධවලට අවශ්‍ය කරන සැකකරුවන් 181ක් ද මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම මාසයක කාලය තුළ හෙරොයින් කිලෝ 73යි ග්‍රෑම් 300ක්, අයිස් කිලෝ 206ක්, කොකේන් ග්‍රෑම් 948ක්, අබිං කිලෝ 49යි ග්‍රෑම් 200ක්, හෂීස් කිලෝ 07යි ග්‍රෑම් 200ක්, ඈෂ් කිලෝ 36යි ග්‍රෑම් 200ක්, ගංජා කිලෝ 655ක්, ගංජා පැල 2,992,653ක්, මාවා කිලෝ 136යි ග්‍රෑම් 500ක්, තූල් කිලෝ 06යි ග්‍රෑම් 600ක්, කුෂ් කිලෝ 01යි ග්‍රෑම් 800ක්, මදන මෝදක කිලෝ 16යි ග්‍රෑම් 200ක් සහ මත්පෙති 99,908ක් සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇති මුළු මත්ද්‍රව්‍යවල වෙළඳපල වටිනාකම රුපියල් මිලියන 4791කට ආසන්නයි.

පොලිසිය විසින් තහනමට ගත් දේපලවල වෙළඳපල වටිනාකම මිලියන 725 කට ආසන්න බවටයි අනාවරණය වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59
Video thumbnail
ඩෙංගු රෝගය ගැන දැනගත යුතුම කරුණු මෙන්න - කම්පන තත්ත්වයට යන්න පුළුවන්
14:59
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් කටාර් තානාපති කාර්යාලයට ගිය නි.ඇමති
01:56
Video thumbnail
මීගමු බන්ධනාගාර භූමියෙන් උණ්ඩ කොපු 271ක් හමුවෙයි..පසුදා වනතුරු බලය තිබුණේ රැඳවියන් සතුව - CID
05:33
Video thumbnail
කඩුවෙල බස්නැවතුම්පළ ඉදිරිපිට කාණුවේ මදුරු කීටයෝ පිරිලා - අවුරුදු ගාණක් තිස්සේ වතුර බහින්නේ නෑ
02:03