‘යුක්තිය’ට දින 50යි – සැකකරුවන් 56,541ක් අත්අඩංගුවේ

පොලිසිය විසින් 2023.12.17 වන දින ආරම්භ කළ ‘යුක්තිය’ මෙහෙයුමට මේ වනවිට දින 50ක කාලයක් සම්පූර්ණ වී තිබෙනවා.

මෙම කාලය තුළ දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වලදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 49,558ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 6,983 ක් සමගින් මුළු සැකකරුවන් 56,541 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

මේ අතර මෙහෙයුම්වල දී අත්අඩංගුවට ගෙන ඇති මුළු මත්ද්‍රව්‍යවල වෙළඳපොළ වටිනාකම මිලියන 7,733 කට ආසන්නවන අතර, තහනමට ගත් දේපළවල වෙළඳපොළ වටිනාකම රුපියල් මිලියන 726 කට ආසන්න බවට අනාවරණය වී තිබෙනවා.

මෙම මෙහෙයුම්වල දී හෙරොයින් කිලෝ 142යි ග්‍රෑම් 541ක්, අයිස් කිලෝ 208යි ග්‍රෑම් 290ක්, කොකේන් ග්‍රෑම් 974යි මිලිග්‍රෑම් 605ක්, අබිං කිලෝ 49 ග්‍රෑම් 200ක්, හෂීස් කිලෝ 07යි ග්‍රෑම් 210ක්, ඈෂ් කිලෝ 36යි ග්‍රෑම් 800ක්, ගංජා කිලෝ 2678යි ග්‍රෑම් 910ක්, ගංජා පැල 4,347,787ක්, මාවා කිලෝ 162 යි ග්‍රෑම් 251ක්, තූල් කිලෝ 07 යි ග්‍රෑම් 123ක්, කුෂ් කිලෝ 02 යි ග්‍රෑම් 40ක්,
මදන මෝදක කිලෝ 19යි ග්‍රෑම් 906ක් සහ මත්පෙති 360,821ක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 49,558 දෙනා අතරින් සැකකරුවන් 1,817 කට රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවුවන් 1,981 ක් පුනරුත්තාපනය සදහා යොමු කර තිබෙනවා.

නීති විරෝධී වත්කම් විමර්ශන ආරම්භ කළ සැකකරුවන් ගණන 234 ක් වන අතර, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 3,083 ක්ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.

එමෙන්ම, අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 6,983 දෙනා අතර මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 1,117ක් සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 5,286 ක්ද සිටිනවා.

ඇගිලි සටහන් මාධ්‍යයෙන් හදුනාගෙන අත්අඩංගුවට ගෙන නොමැතිව සිටි සැකකරුවන් 262ක් සහ අපරාධවලට අවශ්‍ය කරන සැකකරුවන් 318ක් ද මෙහෙයුම්වල දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03