spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

යුක්තියට තවත් අපරාධකරුවන් 868ක් කොටු වෙයි

ගතවූ පැය 24 තුළ දිවයින පුරා සිදුකළ මෙහෙයුම් වලින් අපරාධකරුවන් 868ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දිවයින පුරා මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගත් පිරිස අතර මත්ද්‍රව්‍ය වැරදි සම්බන්යෙන් සැකකරුවන් 536ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 332ක් ද අයත්.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 536 දෙනා අතරින් සැකකරුවන් තිදෙනෙකුට රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් 05ක් පුනරුත්ථාපනය සඳහා යොමු කර තිබෙනවා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 27ක්ද අත්අඩංගුවට ගත් පිරිස අතර සිටිනවා.

එමෙන්ම, අපරාධ අංශවෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 332දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 36ක් සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 279 ක්ද ඇතුළත්.

ඇඟිලි සටහන් මාධ්‍යයෙන් හඳුනාගෙන අත්අඩංගුවට ගෙන නොමැතිව සිටි සැකකරුවන් 09ක් සහ අපරාධවලට අවශ්‍ය කරන සැකකරුවන් 08ක් ද මෙම මෙහෙයුම්වල දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දිවයින පුරා සිදුකළ මෙම මෙහෙයුම්වල දී හෙරොයින් ග්‍රෑම් 120ක්, අයිස් ග්‍රෑම් 98ක්, ගංජා කිලෝ 123යි ග්‍රෑම් 600ක්, ගංජා පැල 9,708ක්, මාවා ග්‍රෑම් 249ක්, මදනමෝදක ග්‍රෑම් 137ක් සහ මත්පෙති 31,611ක් පොලිස් භාරයට ගත් බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?