spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

යාල්දේවිය පීල්ලෙන් පිටයයි

කොළඹ කොටුව සිට අනුරාධපුරය බලා ධාවනය වූ යාල්දේවි සීඝ්‍රගාමී දුම්රිය අද (13) උදෑසන පීලි පැනීමකට ලක්ව තිබෙනවා.

මෙම දුම්රිය ඔරුගොඩවත්ත දුම්රිය පාලම ආසන්නයේ දී මෙලෙස පීලිපැනීමකට ලක්ව ඇති බවයි වාර්තා වුණේ.

මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවන කටයුතුවලට බාධා එල්ල වී ඇති බව ප්‍රධාන පාලක මැදිරිය සඳහන් කළා.

පීලිපැනීමට ලක් වූ දුම්රිය පීලිගත කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?