යාපනෙන් ගාල්ලට ලකුණු 177ක ඉලක්කයක්

ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ මේ වනවිට (18) පැවැත්වෙන අවසන් පූර්ව වටයේ පළමු තරගයේ දී ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමෙන් ලකුණු 177ක ඉලක්කයක් ගෝල් මාර්වලස් වෙත හිමිවුණා.

ඒ පන්දු වාර 20 අවසානයේ දී ජැෆ්නා කණ්ඩායම කඩුලු 07ක් දැවී ලකුණු 177ක් ලබා ගැනීමත් සමගයි.

තරගය අද පස්වරු 03ට ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුණා.

ඒ ගෝල් නායක නිරෝෂන් දික්වැල්ල හට කාසියේ වාසියේ ජය ද හිමිකර දෙමින්.

කෙසේවෙතත් කාසියේ වාසිය දිනූ දික්වැල්ල පළමු ව පන්දුවට පහරදීමේ අවස්ථාව ප්‍රතිවාදී ජැෆ්නාවරුන්ට පැවරුවා.

ඒ අනුව පිටියට පිවිසි ජැෆ්නා ආරම්භක පිතිකරුවන් වන පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් එක්ව ශක්තිමත් ඉනිමක් ගොඩනැගීමට උත්සාහ කළ ද, අවාසනාවකට ලකුණු 04ක් අතැතිව සිටි පැතුම් දැවී ගියේ Pretorius යොමු කළ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට නතුවයි.

ඉන් අනතුරුව පිටියට පිවිසි රිලී රුසොව් කුසල් මෙන්ඩිස් සමග එක් ව පන්දු 31කට ලකුණු 50ක සබඳතාවක් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැගුවා.

රුසොව් දැවී ගියේ ඉසුරු උදාන යොමු කළ පන්දුවක් හමුවේයි.

ඒ වනවිට ඔහු පන්දු 22ක දී වේගවත් ලකුණු 40ක් අතැතිව සිටියා.

ඉන් අනතුරුව තුන්වැනි කඩුල්ල වෙනුවෙන් පිටියට පිවිසියේ අවිශ්ක ප්‍රනාන්දු යි.

ඉවසීමකින් සහ කල්පනාකාරී ව පිතිකරණයේ නිරත වූ අවිශ්ක පන්දු 33කදී ලකුණු 52ක් ලබා ගත්තේ හයේ පහර 03ක් සහ හතරේ පහර 04ක් ද සමගින්.

අවිශ්ක ලකුණු 52 ක් අතැතිව සිටියදී ඉසුරු උදානගේ පන්දුවක් හමුවේ දැවී ගියා.

නායක අසලංක ලකුණු 07ක් සහ අෂ්මතුල්ලා ඔමර්සායි නොදැවී ලකුණු 14ක් ලබා ගත්තේ එක් හයේ පහරක් ද එල්ල කරමින්.

කඩුලු බිඳ දැමීමේ දී Pretorius ලකුණු 23කට කඩුලු 04ක් ද, උදාන කඩුලු දෙකක් සහ ප්‍රභාත් එක් කඩුල්ලක් ද බිඳ දැමුවා.

ඒ අනුව අද තරගය ජයගෙන එළඹෙන ජුලි 21 වැනි දා අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට නම්; ගෝල් මාර්වලස් කණ්ඩායම පන්දු 120ක දී ලකුණු 178ක් ලබාගත යුතු වනවා.

මේ අතර අවසන් පූර්ව වටයේ දෙවැනි තරගය අද රාත්‍රී 7.30ට ආරම්භ වනු ඇති.

ඒ කැන්ඩි ෆැල්කන් සහ කොළොම්බු ස්ට්‍රයිකර්ස් අතරයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39