spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

යාපනය සරසවියේ සිසුවියක් නවාතැන්පොළේ කාමරයක දිවි නසාගෙන

යාපනය විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ අධ්‍යාපනය ලබමින් සිටි 22 හැවිරිදි සිසුවියකගේ මළ සිරුරක් යාපනය, කලඩ්ඩිප් ප්‍රදේශයේ ඇය රැඳීසිටි නවාතැන්පොළේ තිබිය දී සොයාගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ සිසුවිය නවතැන්ගෙන සිටි නවාතැන්පොළේ කාමරයක ගෙළවැළලාගෙන මියගොස් සිටිය දී ඊයේ (03) සවස ඇයගේ මළ සිරුර සොයාගත් බවයි.

ආදර සම්බන්ධතාවයක් බිඳ වැටීම හේතුවෙන් මෙම සිසුවිය මෙලෙස සියදිවි නසාගෙන ඇති බවටයි පොලිසිය සැකපළ කරන්නේ.

මන්නාරම ප්‍රදේශයේ සිසුවියක් මෙලෙස මියගොස් ඇති අතර, මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් යාපනය රෝහල වෙත යොමු කිරීමට කටයුතු කළ බව අප වාර්තාකරු සඳහන් කළා.

යාපනය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
5
+1
9
+1
4
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?