යාපනය රෝහලෙනුත් කොවිඩ් මරණයක්

යාපනය ශික්ෂණ රෝහලෙන් කොවිඩ් 19 ආසාධිත මරණයක් වාර්තා වනවා.

එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ කාන්තාවක් මෙලෙස කොවිඩ් ආසාධිතව ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

යාපනය ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව පසුගිය සතියේ ප්‍රංශයේ සිට පැමිණ යාපනය, අරාලි ප්‍රදේශයේ තාවකාලිකව රැඳී සිටි තැනැත්තියක් බව සඳහන්.

උණ රෝගය වැළඳීම හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත්කර ඇති එම කාන්තාව පසුගිය 12 වනදා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එම කාන්තාවගේ මරණ පරීක්ෂණ වාර්තාව අද (15) පෙරවරුවේ ලැබී ඇති අතර, එහිදී අනාවරණය වී ඇත්තේ කොවිඩ් වෛරසය ආසාදනයෙන් මෙම මරණය සිදුව ඇති බවයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 62 හැවිරිදි වියේ පසු වූ කාන්තාවක්.

මෙම කාන්තාවගේ ආශ්‍රිතයින් සොයා යාපනය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මේ වනවිටත් මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

මේ අතර කුරුණෑගල රෝහලෙන් ද පසුගිය සතියේ කොවිඩ් ආසාධිත මරණයක් වාර්තා වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14