spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

යාපනය රෝහලෙනුත් කොවිඩ් මරණයක්

යාපනය ශික්ෂණ රෝහලෙන් කොවිඩ් 19 ආසාධිත මරණයක් වාර්තා වනවා.

එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ කාන්තාවක් මෙලෙස කොවිඩ් ආසාධිතව ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

යාපනය ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව පසුගිය සතියේ ප්‍රංශයේ සිට පැමිණ යාපනය, අරාලි ප්‍රදේශයේ තාවකාලිකව රැඳී සිටි තැනැත්තියක් බව සඳහන්.

උණ රෝගය වැළඳීම හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත්කර ඇති එම කාන්තාව පසුගිය 12 වනදා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එම කාන්තාවගේ මරණ පරීක්ෂණ වාර්තාව අද (15) පෙරවරුවේ ලැබී ඇති අතර, එහිදී අනාවරණය වී ඇත්තේ කොවිඩ් වෛරසය ආසාදනයෙන් මෙම මරණය සිදුව ඇති බවයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 62 හැවිරිදි වියේ පසු වූ කාන්තාවක්.

මෙම කාන්තාවගේ ආශ්‍රිතයින් සොයා යාපනය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මේ වනවිටත් මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

මේ අතර කුරුණෑගල රෝහලෙන් ද පසුගිය සතියේ කොවිඩ් ආසාධිත මරණයක් වාර්තා වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?