යාපනයේ, හරිහරන්ගේ ප්‍රසංගයක තෙරපීමක් – ප්‍රේක්ෂකයින් රැසකට තුවාල (ඡායාරූප)

දකුණු ඉන්දීය ජනප්‍රිය සංගීතඥයෙකු වන හරිහරන්ගේ ප්‍රසංගයක් ඊයේ (09) රාත්‍රියේ යාපනය මුට්‍රවේලි ක්‍රීඩාංගනයේ දී පැවැත් වුණා.

මෙම ප්‍රසංගය නැරඹීමට පැමිණි අය අතර අධික තදබදය හේතුවෙන් ඇති වූ තෙරපීමකින් එය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයින් රැසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රසංගයට යොදවා තිබූ පොලිස් රැකවල් බිඳ දමාගෙන පිරිස ප්‍රසංග භූමියට ඇතුළුවීම හේතුවෙන් මෙම අධික තදබදය හටගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙම ප්‍රසංගය නැරඹීමට පැමිණි තවත් බොහෝ පිරිසක් ප්‍රසංග භූමියට ඇතුළුවීම නොහැකිව ඉන් පිටත රැඳී සිටීමට සිදු වූ බව අප වාර්තාකරුවන් සඳහන් කළා.

දකුණු ඉන්දීය සිනමා නිළි තමන්නා ඇතුළු ප්‍රසිද්ධ නළු නිළියක් කිහිප දෙනෙක් ද මෙම ප්‍රසංගය සඳහා සහභාගී වී සිටි බවයි වාර්තා වුණේ.

Hariharan Concert 4
Hariharan Concert 2
Hariharan Concert 3
Hariharan Concert 5
Hariharan Concert 1