යාපනයේ රතු ලූනු වගාවේ රෝග පාලනයට පියවර ගන්නැයි කෘෂිකර්ම ඇමතිගෙන් උපදෙස්

යාපනයේ ප්‍රදේශ කිහිපයක රතු ලූනු වගාවෙහි පැතිර ඇති රෝග තත්ත්වය පාලනයට පියවර ගන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබෙනවා.

යාපනයේ ප්‍රදේශ කිහිපයක රතු ලූනු වගාවට වැළඳී ඇති රෝග තත්ත්වයක් පිළිබඳව පසුගිය දිනවල තොරතුරු වාර්තා වී තිබුණා.

මෙම රෝග තත්ත්වය ලූනු වගාව තුළ දක්නට ලැබෙන Diptera රෝග තත්ත්වය යැයි සැළකෙන බැවින් එම රෝග තත්ත්වය පාලනය කිරීම සඳහා වහාම අවශ්‍ය පියවර ගන්නා ලෙසටයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇත්තේ.

දැනට මෙම රෝග තත්ත්වය යාපනයේ චුන්නාකම්, තෙල්ලිප්පලෙයි, මාදගල්, සංගානයි, අච්චුවේලි, කෝපායි සහ වඩමරච්චි යන ප්‍රදේශවල දක්නට ලැබෙනවා.

මේ සම්බන්ධ සොයා බලා කඩිනමින් වාර්තාවක් ලබා දෙන ලෙසටයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් පී. මාලතී මහත්මිය යාපනය දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂවරයාට උපදෙස් දී ඇත්තේ.

එමෙන්ම මෙම රෝග තත්ත්වය පාලනය සඳහා ගතයුතු විකල්ප ක්‍රියාමාර්ග, යෙදිය යුතු කෘමිනාශක සම්බන්ධව ගොවීන් දැනුම්වත් කිරීමේ වැඩ පිළිවෙළක් ද වහා ඇරඹීමට පියවර ගන්නා ලෙස ද අධ්‍යක්ෂ ජනරාල්වරිය නියෝග ලබා දී තිබෙනවා.

මෙම රෝග තත්ත්වය Diptera හෙවත් ලූනු පණුවන් විශේෂයක් (Onion Maggot) මගින් සිදුවිය හැකි බැවින් එම සතුන් පාලනය සඳහා සුදුසු රෝග වැළැක්වීමේ ක්‍රම අනුගමනය කිරීම පිළිබඳව රතුලූනු ගොවීන් දැනුම්වත් කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දී ඇතැයි ද පී. මාලතී මහත්මිය සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හැමදාම අපි හිටියේ නිවැරදි තැන - ශිරානි අගවිනිසුරුතුමිය ගෙදර යවන්න යද්දි අපි විරුද්ධ වුණා
01:08
Video thumbnail
159ය හිතන්න පුළුවන් පාර්ලිමේන්තුවේ දිනන්න පුළුවන් කියලා - ජන බලයෙන් මේ පාලනය අපි ගෙදර යවනවා
00:55
Video thumbnail
රටට තියෙන එකම විකල්පය සජබය - කල හැකි හැමදේම අදත් කරනවා හෙටත් කරනවා
01:47
Video thumbnail
සිපිරිගෙයට ගිය නාමල් ගැන ඇමති නලින්ද කට අරියි - අපරාධය කරපු අය තමයි දන්නේ සම්බන්ධය
01:59
Video thumbnail
එයාර් බස් ගනුදෙනුවට සම්බන්ධ යැයි කියන නාමල්ගේ නඩු විභාගය සිදුවුණු හැටි - මුදල් දුන් බවට සාක්ෂි නැ
05:17
Video thumbnail
2029 ජනපති නාමල් රාජපක්ෂ..ඒක හදවතින් කියන්නේ - "හිරේ දාලා පොඩි චූන් එකක් ගනිල්ලා"
00:34
Video thumbnail
නාමල් වෙනුවෙන් පෙරට ආ මිනිස්සු - "අපේ සිංහ පැටියා ඇතුළට දැම්මේ - එසේ මෙසේ පුතෙක් නෙවෙයි"
01:56
Video thumbnail
"අපේ සිංහ පැටියා තමයි නාමල් රාජපක්ෂ.. එඩිතර සිංහ පැටියව බය කරන්න බෑ"
00:20
Video thumbnail
"මමනම් හිතන්නේ අනුර, නාමල්ට බය වුණා"
00:20
Video thumbnail
විලංගු වැටුණු නාමල් රාජපක්ෂ වැලිකඩට පැමිණි අයුරු - මෙන්න එම දර්ශන
00:51