spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

යාපනයේ රජවරු පරදා ගෝල් ටයිටන්ස්වරුන්ට පෙරළිකාර ජයක්

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ පෙරළිකාර ජයක් වාර්තා කරන්නට ගෝල් ටයිටන්ස් කණ්ඩායමට අද (13) හැකියාව ලැබුණා.

ඒ, කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම කඩුලු 07 කින් පරාජය කරමින්.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ජැෆ්නා කිංග්ස් ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 20 තුළ සියල්ල දැවී ලකුණු 89ක් රැස් කළා.

සුපිරි පන්දු යැවීමක නිරත වූ කසුන් රාජිත ජැෆ්නා ඉනිමේ කඩුලු 04ක් ලකුණු 29ක් තුළ බිඳ දැමුවා.

අනතුරුව ලකුණු 90ක පහසු ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ගෝල් ටයිටන්ස් ක්‍රීඩකයින් පන්දුවාර 13යි පන්දු 03ක් තුළ කඩුලු 03ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියා.

එහිදී ආරම්භක පිතිකරු ටිම් සෙයිෆර්ට් අර්ධ ශතකයක් රැස්කරමින් ගෝල් ටයිටන්ස් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑමට පෙරමුණ ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?