spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

යාපනයේ පාසල් අවට බර වාහන ධාවනය තහනම්

යාපනය දිස්ත්‍රික්කයේ පාසල් ආරම්භ කරන සහ අවසන් කරන අවස්ථාවේදී පාසල් පරිශ්‍රය තුළ බර වාහන ගමනාගමනය තහනම් කිරීමට තීරණය කර තිබෙනවා.

යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ (18) පැවති සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එම රැස්වීමේදී අදාළ කාලසීමාව තුළ බර වාහන අධික වේගයෙන් ධාවනය කිරීම සම්බන්ධයෙන් සොයා බලා තිබෙනවා.

රජයේ සහ පෞද්ගලික බස් රථවල තරගකාරී රියදුරන් හේතුවෙන් මාර්ගයේ ගමන් ගන්නා ජනතාව දැඩි අපහසුතාවට පත්වන බැවින් මේ සම්බන්ධයෙන් අදාළ පාර්ශ්ව වගකීමෙන් ක්‍රියා කළ යුතු බව අමාත්‍ය ඩග්ලස් දේවානන්ද අවධාරණය කරයි.

අනිසි ලෙස ක්‍රියා කරන පාර්ශ්වවලට එරෙහිව නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි ඔහු පොලිසියට උපදෙස් දී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?