spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

යාපනයේ දෙදෙනෙක් ඩෙංගු මාරයා බිලිගනී (වීඩියෝ)

ඩෙංගු රෝගය වැළඳීමෙන් ජනවාරි මාසයේදී පමණක් පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට ඇති බව යාපනය රෝහල් ආරංචි මාර්ග පවසනවා.

පසුගිය වසර තුළ ඩෙංගු රෝගය වැළඳීමෙන් යාපනයෙන් ඩෙංගු මරණ හතක් වාර්තා වි ඇති අතර, 2023 වසරේ යාපනය දිස්ත්‍රික්කය තුළ පුද්ගලයින් 3986 දෙනෙකු ඩෙංගු රෝගයට ගොදුරු වී ඇති බවයි යාපනය දිස්ත්‍රික් රෝහල් අධ්‍යක්ෂ ටි.සත්යදමූර්ති මහතා සදහන් කරන්නේ.

යාපනය දිස්ත්‍රික්කයේ ඩෙංගු ව්‍යාප්තිය පාළනය කිරීම සඳහා ගතහැකි ක්‍රියාමාර්ග කඩිනම් කරන ලෙස උතුරු පළාත් ආණ්ඩුකාර පි.එස්.එම්.චාර්ල්ස් මහත්මිය නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අනුව, යාපනය මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරි කාර්යාලය සදහන්කළේ, ජනවාරි මාසයේ යාපනයේ පළමු සති තුනක කාලය තුළ, ඩෙංගු මදුරුවන් බෝවන අපිරිසිදු ස්ථාන 1542ක් හදුනා ගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 147 දෙනෙකුට විරුද්ධව නීතියමය ක්‍රියාමාර්ග ගත් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?