යාපනය අර්ධද්වීපයේ වගා කෙරුණු එළවළු අස්වැන්න මේ දිනවල දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ලැබෙමින් පවතිනවා.
මේ සමඟ ඉහළ අගයක් ගෙන තිබූ සෑම එළවළුවකම මිල ගණන් කැපී පෙනන ලෙස අඩුවී ඇති බවයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන්.
යාපනය ප්‍රදේශයේ සාර්ථකව වගා කරන කැරට්, මාළුමිරිස් සහ බීට් අස්වනු වැඩි වශයෙන් වෙළඳපොළට ලැබීමට සමඟ රුපියල් දහසත් දෙදහසත් අතර මිලකට පසුගිය කාලයේ අලෙවි වූ කැරට් කිලෝවක් අද (12) රුපියල් 500 මට්ටමට අඩු වී ඇති බවයි වාර්තා වුණේ.
ඊට අමතරව බීට් කිලෝව රුපියල් 250ක්, වම්බටු කිලෝව රුපියල් 150ත් 200ක්, මාළු මිරිස් කිලෝව රුපියල් 800ක් වැනි මිල මට්ටම්වලට අඩු වී ඇති බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය සඳහන් කරනවා.
එළවළුවලට අමතරව රතුලුණු තොග ද යාපනය අර්ධද්වීපයෙන් මේ දිනවල දඹුල්ල ආරථික මධ්‍යස්ථානය වෙත ලැබෙමින් පවතින බවයි වාර්තා වුණේ.














SAMANTHA@gamage