යාපනයේ අනතුරකින් යතුරුපැදි කරුවෙකු මියයයි(ඡායාරූප)

යාපනය වඩමාරච්චි නැගෙනහිර කඩදානෙයි ප්‍රදේශයේදී අද දහවල් සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් කුඩා ළමයෙකු තුවාල ලබා රෝහල් ගත කළා.

වැලි පැටවූ ලොරි රථයක් හා යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටී සිදුවූ මෙම අනතුරෙන් යතුරු පැදි කරු එම ස්ථානයේම මිය ගිය අතර පිටුපස ගිය කුඩා දරුවෙකු තුවාල ලබා පේදුරුතුඩුව රෝහලට ඇතුලත් කර තිබෙනවා.

ලොරියේ රියදුරු අත්අඩංගුවට ගත් බව පේදුරුතුඩුව පොලිසිය පැවසුවා.

ACC 02