යාපනයේදී පුද්ගලයකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කෙරේ

යාපනය කෝපායි ප්‍රදේශයේදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කර ඇතැයි පොලිසිය පවසනවා.

මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ යතුරුපැදි අළුත්වැඩියා කිරීමේ සේවා ස්ථානයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු බවටයි පොලිසිය හඳුනාගෙන ඇත්තේ.

තියුණු ආයුධවලින් සන්නද්ධ පුද්ගලයින් පිරිසක් මිය ගිය පුද්ගලයා ලුහු බැඳ ගොස් ප්‍රහාර එල්ල කර ඝාතනය සිදුකර ඇති බවද පොලිසිය කරුණු අනාවරණ කරගෙන තිබෙනවා.

මියගොස් ඇත්තේ කෝපායි ප්‍රදේශයේම පදිංචි එක්දරු පියෙකු වන අතර මුහුණු ආවරණ පැළඳ යතුරුපැදිවලින් පැමිණි පුද්ගලයින් තිදෙනකු විසින් අදාළ පුද්ගලයාට පහරදී ඝාතනය කිරීමෙන් අනතුරුව පළා ගොස් තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ මෙම පුද්ගලයා සේවය නිමවී පස්වරුවේ නිවසට පැමිණෙමින් සිටියදී පුද්ගලයෙකු සමග ආරවුලක් ඇතිකරගෙන ඇති බවයි.

පසුව ඔහු නිවසට පැමිණ සිටියදී පිරිසක් පැමිණ නිවැසියන් බියගන්වා පළවා හැර ඝාතනය සිදුකර ඇති බව ද සඳහන්.

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව මෘත ශරීරය යාපනය රෝහලේ තැන්පත් කර තිබෙනවා.

සැකකරුවන් කිසිවෙකුත් අනාවරණ වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් කෝපායි පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය - රණක්ෂිතයට පත් යුද හමුදා රණවිරුවන් හමුවෙයි
01:55