spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

යාපනයට ගිය ජනපති ශ්‍රී නාග විහාරයේ ආගමික වතාවත්වලට එක් වෙයි

තෛපොංගල් රාජ්‍ය උත්සවයට සහභාගිවීම සඳහා යාපනයට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (15) පෙරවරුවේ යාපනය ශ්‍රී නාග විහාරය වෙත පැමිණියා.

එහිදී ජනාධිපතිවරයා සංඝරත්නය බැහැ දැක, ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තා.

පුදබිම වෙත ගිය ජනාධිපතිවරයා පළමුව බුද්ධ මන්දිරය වෙත ගොස් ආගමික වතාවත්වල නිරත වූ අතර අනතුරුව යාපනය ශ්‍රී නාග විහාරයේ විහාරාධිපති පූජ්‍ය මීගහජඳුරේ සිරිවිමල නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක උන්වහන්සේගේ සුවදුක් විමසමින් කෙටි පිළිසඳරක නිරත වුණා.

උන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයාට ආශිර්වාද පළ කර අතර,ජනාධිපති රනිල් වික්‍රමසිංහ නල්ලෙයි ආදීන ආශ්‍රමාදිපති ගරු ශ්‍රී සෝමසුන්දරම් පූජකතුමා හමු වී ආශිර්වාද ලබා ගත්තා.

අනතුරව යාපනය රදගුරු නිල නිවස වෙත පැමිණි ජනාධිපතිවරයා යාපනය රදගුරු ආචාර්ය ජස්ටින් ඥානප්‍රගාසම් හිමිපාණන් බැහැ දැක කෙටි පිළිසඳරක ද නිරත වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?