යාපනයට ගිය ජනපති ශ්‍රී නාග විහාරයේ ආගමික වතාවත්වලට එක් වෙයි

තෛපොංගල් රාජ්‍ය උත්සවයට සහභාගිවීම සඳහා යාපනයට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (15) පෙරවරුවේ යාපනය ශ්‍රී නාග විහාරය වෙත පැමිණියා.

එහිදී ජනාධිපතිවරයා සංඝරත්නය බැහැ දැක, ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තා.

පුදබිම වෙත ගිය ජනාධිපතිවරයා පළමුව බුද්ධ මන්දිරය වෙත ගොස් ආගමික වතාවත්වල නිරත වූ අතර අනතුරුව යාපනය ශ්‍රී නාග විහාරයේ විහාරාධිපති පූජ්‍ය මීගහජඳුරේ සිරිවිමල නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක උන්වහන්සේගේ සුවදුක් විමසමින් කෙටි පිළිසඳරක නිරත වුණා.

උන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයාට ආශිර්වාද පළ කර අතර,ජනාධිපති රනිල් වික්‍රමසිංහ නල්ලෙයි ආදීන ආශ්‍රමාදිපති ගරු ශ්‍රී සෝමසුන්දරම් පූජකතුමා හමු වී ආශිර්වාද ලබා ගත්තා.

අනතුරව යාපනය රදගුරු නිල නිවස වෙත පැමිණි ජනාධිපතිවරයා යාපනය රදගුරු ආචාර්ය ජස්ටින් ඥානප්‍රගාසම් හිමිපාණන් බැහැ දැක කෙටි පිළිසඳරක ද නිරත වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය - රණක්ෂිතයට පත් යුද හමුදා රණවිරුවන් හමුවෙයි
01:55