යාත්‍රාවලට ඉන්ධන පිරවීම යළි ඇරඹීමෙන් ඩොලර් මිලියන 3ක ආදායමක්

යාත්‍රාවලට ඉන්ධන පිරවීමේ කටයුතු යළි ආරම්භ කිරීම හරහා ඉන්ධන මෙට්‍රික් ටොන් 5,200ක් අලෙවි කිරීමෙන් ඩොලර් මිලියන 3ක් උපයා ගැනීමට හැකිවූ බව විදුලි බල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ස්ථාවර රටකට සැවොම එක මගකට යනුවෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.