යාචක කාන්තාවගේ දරුවා පැහැර ගත් 5ක් අත්අඩංගුවට

යාචක කාන්තාවකගේ මාස එකහමාරක් වයසැති පිරිමි දරුවා පැහැර ගත් බව කියන කාන්තාව සහ බිළිඳු දරුවා වනාතවිල්ලුව ප්‍රදේශයේ දී පොලිස් භාරයට ගෙන තිබෙනවා.

දරුවා පැහැර ගැනීමට ආධාර අනුබල දුන් බව කියන ත්‍රී රෝද රථ රියදුරකු, බ්‍රෝකර් වරයෙකු ඇතුළු පිරිමි පුද්ගලයන් 4 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකාරියගේ සැමියා විදේශගතව සිටින බව සඳහන්.

මෙම කාන්තාව දරු ප්‍රසූතියක් සඳහා කොළඹ ප්‍රදේශයේ ඥාති නිවසක රැඳී සිටි අවස්ථාවේ දරු ගැබට මාස හතක්ව තිබියදී දරුවා මිය යාමෙන් අනතුරුව කෙසේ හෝ දරුවකු සොයා නැවතත් ගමට යාමේ අධිෂ්ඨානයෙන් කල් ගෙවා ඇති බවටයි පොලිසිය අනාවරණ කරගෙන ඇත්තේ.

දරුවකු මිලදී ගැනීමට ලක්ෂ තුනක මුදලක් අත දරාගෙන දරුවකු සොයාදෙන ලෙස කාන්තාව විසින් දෙමටගොඩ ප්‍රදේශයේ හඳුනන පුද්ගලයකුට පවසා තිබූ බව ද විමර්ශනවලදී හෙළිවී තිබෙනවා.

ඒ අනුව එම සැකකරු මෙම කාන්තාව සමඟ දෙමටගොඩ, බොරැල්ල, බම්බලපිටිය වැනි ප්‍රදේශවල දරුවෙකු සොයා දින කිහිපයක් ඇවිද යමින් සිටියදී යි බම්බලපිටිය ප්‍රදේශයේ සපත්තු මසන පුද්ගලයකු ලබා දුන් තොරතුරක් අනුව යාචක කාන්තාව මුණගැසී ඇය අත දරා සිටි මාස එක හමාරක් වයසැති පිරිමි දරුවා මුදලට ඉල්ලා ඇත්තේ.

එයට කැමැත්ත පළ කළ යාචක කාන්තාවට සැකකාර කාන්තාව විසින් රුපියල් ලක්ෂයක මුදලක් ලබාදී ඇති අතර බ්‍රෝකර් වරයාට රුපියල් 50,000කුත් තීරෝද රථ රියදුරුට රුපියල් විසිපන්දහසක් සහ අනෙක් පුද්ගලයන් දෙදෙනාට ද රුපියල් 25,000 බැගින් ලබා දී තිබූ බව පොලිසිය සිදු කළ පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

යාචක කාන්තාව සමඟ දෙමටගොඩ ප්‍රදේශයේ රෙදිපිළි අලෙවිසැලකට ගොස් තිබූ සැකකාරිය දරුවා වෙනුවෙන් රුපියල් ඇඳුම් පැළඳුම් ද මිලදීගෙන ලබාදී තිබූ බව සඳහන්.

දරුවා කාන්තාවට ලබා දීම වෙනුවෙන් යාචක කාන්තාව රුපියල් ලක්ෂයක මුදලක් ලබා ගත්තත් පසුව දරුවා ලබාදීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ රථ ගාලකදී දරුවා යාචක කාන්තාව අතින් උදුරාගෙන කුලී මෝටර් රථයක නැගී වනාතවිල්ලුවට රැගෙන ගොස් තිබූ බව විමර්ශනවලදී හෙළිකරගෙන තිබෙනවා.

තම දරුවා පැහැර ගත් බවට යාචක කාන්තාව කර ලද පැමිණිල්ලක් අනුව CCTV දර්ශන ද උපයෝගී කර ගනිමින් කළ පරික්ෂාවේ දී ත්‍රී රෝද රථයක ලියාපදිංචි අංක ඔස්සේ කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුවයි සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත්තේ.

පැමිණිලිකාර යාචක කාන්තාව සහ ඇයගේ සැමියා තදින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් බව ද සඳහන්.

දරුවා පැහැර ගැනීමට අදාළව අත්අඩංගුවට ගත් 53 හැවිරිදි ප්‍රධාන සැකකාරිය ඇතුළු සියලු දෙනා සහ යාචක කාන්තාව ද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40