යළි පැනවෙන සංචරණ සීමා ගැන යුද හමුදාපතිවරයා කියූ කතාව මෙන්න

හෙට රාත්‍රී 11 සිට 25 වන දා අලුයම 4 දක්වා මුළු දිවයිනටම බල පැවැත්වෙන පරිදි යළි සංචරණ සීමා පැනවෙනවා.අදාළ කාලසීමාව තුළ අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් මාර්ගවල ගමන් කිරීමේ හැකියි. එසේම ජංගම අලෙවිසැල්වලට ද එම කාලය තුළ ගමන් කළ හැකි බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේ.

මේ අතර, අද දිනයේත් ආර්ථික මධ්‍යස්ථාන විවෘත කර තිබූ අතර හෙට දිනයේත් ඒවා විවෘතව තිබෙනවා.

අද දිනයේත් ඇතැම් එළවළු සහ පළතුරු වර්ගවල තොග මිල ඉහළ ගොස් තිබුණා.

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය අද පස්වරුවේ නිකුත් කළ නිවේදනයට අනුව බෝංචි කිලෝවක තොග මිල රුපියල් 210ත්, 300ත් අතර මිලකට පැවති අතර මාළු මිරිස් කිලෝවක තොග මිල රුපියල් 260ත්, 320ත් අතර අගයකයි පැවතුණේ.

වට්ටක්කා කිලෝවක තොග මිල රුපියල් 60ක් පමණ වූ අතර කරවිල, වම්බටු, දෙහි, මෑ කරල්, තුඹ කරවිල, අර්තාපල්වල තොග මිල පැවතුණේ රුපියල් 150ත්, 350ත් අතර මිලකටයි.මේ අතර ජනතාවට පවතින ආර්ථික දුෂ්කරතා හේතුවෙන් සංචරණ සීමා ලිහිල් කළ බව පෙන්වා දෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ෂෙනාල් ප්‍රනාන්දු වැඩිදුරටත් කියා සිටියේ කොරෝනා අවධානම තවමත් අඩු වී නොමැති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේගේ බිරිඳට අපි ගරු කරන්න ඕනි - පාස්කු ප්‍ර#රයේ පරීක්ෂණය ගැන ගොඩක් අය බලාගෙන ඉන්නේ
06:40
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිරුර සැඟවීමට උදව් කළ මිතුරා පොලිසියට රැගෙන ආ හැටි
01:38
Video thumbnail
භෞතික චිකිත්සකවරියගේ ඝා#නයේ සැකකරු, බිරිඳ සහ දරුවා පොලිසියට භාරදුන් අයුරු
02:13
Video thumbnail
ආගම ගැන ඩයනාගෙන් සැර කතාවක් - අර යූටියුබ් කාරයෙක් ඉන්නවා බුදු දහමට අපහාස කරනවා..
09:57
Video thumbnail
ඩයනා නඩුවට ඇවිත් කිව්ව අමුතු කතාව - මාව මහ මුහුදට තමයි දාන්න වෙන්නේ..මොක්කදෝ හුටපටයක්
01:59
Video thumbnail
ඔයත් කොරියාවට යන්න හීනමවන කෙනෙක්ද ?යන්න කළින් මේ ගැන අනිවාර්යෙන් දැනගන්න!..නීති වෙනස් වෙයි
02:55
Video thumbnail
"මෙන්න පුනරුදේ..සුපිරි..ක්ලීන් ශ්‍රී ලංකා..ගමේ නෙළුම් මල් පිරිලා"ආණ්ඩුවට විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ
02:38
Video thumbnail
වන අලි කරදර නිසා දඹුල්ලේ මිනිස්සු කුපිත වී මහ පාරට බහියි - වනජීවි එක සම්පූර්ණ බොරු බයිලා ග#හන්නේ
06:42
Video thumbnail
ඇඟිල්ලේ තීන්ත ආලේපනය අහෝසි කිරීම නිසා විශාල මුදලක් ඉතිරි කරන්න පුළුවන් - පැෆ්‍ රල් සංවිධානය කියයි
10:28
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
08:41:22