spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

යළි පැනවෙන සංචරණ සීමා ගැන යුද හමුදාපතිවරයා කියූ කතාව මෙන්න

හෙට රාත්‍රී 11 සිට 25 වන දා අලුයම 4 දක්වා මුළු දිවයිනටම බල පැවැත්වෙන පරිදි යළි සංචරණ සීමා පැනවෙනවා.අදාළ කාලසීමාව තුළ අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් මාර්ගවල ගමන් කිරීමේ හැකියි. එසේම ජංගම අලෙවිසැල්වලට ද එම කාලය තුළ ගමන් කළ හැකි බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේ.

මේ අතර, අද දිනයේත් ආර්ථික මධ්‍යස්ථාන විවෘත කර තිබූ අතර හෙට දිනයේත් ඒවා විවෘතව තිබෙනවා.

අද දිනයේත් ඇතැම් එළවළු සහ පළතුරු වර්ගවල තොග මිල ඉහළ ගොස් තිබුණා.

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය අද පස්වරුවේ නිකුත් කළ නිවේදනයට අනුව බෝංචි කිලෝවක තොග මිල රුපියල් 210ත්, 300ත් අතර මිලකට පැවති අතර මාළු මිරිස් කිලෝවක තොග මිල රුපියල් 260ත්, 320ත් අතර අගයකයි පැවතුණේ.

වට්ටක්කා කිලෝවක තොග මිල රුපියල් 60ක් පමණ වූ අතර කරවිල, වම්බටු, දෙහි, මෑ කරල්, තුඹ කරවිල, අර්තාපල්වල තොග මිල පැවතුණේ රුපියල් 150ත්, 350ත් අතර මිලකටයි.මේ අතර ජනතාවට පවතින ආර්ථික දුෂ්කරතා හේතුවෙන් සංචරණ සීමා ලිහිල් කළ බව පෙන්වා දෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ෂෙනාල් ප්‍රනාන්දු වැඩිදුරටත් කියා සිටියේ කොරෝනා අවධානම තවමත් අඩු වී නොමැති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?