යළිත් ගෑස් හිඟයක්

යළිත් වෙළඳපොළේ ගෑස් හිගයක් ඇතිවීමේ අවදානමක් මතුව තිබෙනවා. ඒ, ආනයනය කරන ලද ගෑස් මෙට්‍රික් ටොන් 7,500 කට ආසන්න ප්‍රමාණයක් නිදහස් කර ගැනීමට අවශ්‍ය ඩොලර් මෙතෙක් නොලැබීම හේතුවෙන්.

ලිට්රෝ සමාගමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ පෙරේදා සහ ඊයේ දින දෙකෙහි වෙළඳපළට කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩර නිකුත් කිරීමක් ද සිදුනොවූ බවයි.

අද දිනයේද ගෘහස්ථ ගෑස් සිලින්ඩර නිකුත් කිරීම සිදුවන්නේ නැහැ. ඊට හේතුව වී ඇත්තේ ගෑස් තොග, ලිට්රෝ සමාගම සතුව නොමැති වීමයි. ගෑස් රැගත් නෞකා දෙකක් දින තුනක් තිස්සේ මෙරට මුහුදේ නැංගුරම් ලා තිබෙන්නේ ඒවා නිදහස් කර ගැනීමට අවශ්‍ය ඩොලර් නොමැති වීම හේතුවෙන්.

පෙරේදා සහ ඊයේ දිනයේ ගෘහස්ථ ගෑස් සිලින්ඩර් වෙළද පොලට නිකුත් නොකළද වානිජ සහ කර්මාන්ත සදහා අවශ්‍ය ගෑස් තොග මෙන්ම කිලෝග්‍රෑම් 37.5 ගෑස් සිලින්ඩර්ද නිකුත් කිරීම සිදු කෙරුණා. එහෙත් එම කර්මාන්ත කටයුතු සදහා ගෑස් නිකුත් කිරීමටද හෙට දිනයෙන් පසු නොහැකි වනු ඇති බවයි ලිට්රෝ සමාගම සදහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැදිකරු නොමැතිව කැලේ ගිය යතුරුපැදිය
00:51
Video thumbnail
චීස් පෙට්ටි සොරාගෙන කලිසම අස්සට දාගත්ත හැටි
00:33
Video thumbnail
මැලේසියාවේ ඉදලා ඇවිත් ගුවන් මගියෙක් දුන්න ගේම - කෝටි 09කට අධික කොකේන් තොගයක් කොටු
01:32
Video thumbnail
චීස් පෙට්ටි සොරාගෙන කලිසම අස්සට දාගත්ත හැටි - අනුරාධපුරයේ චීස් හොරු
01:03
Video thumbnail
දිවි අහිමිවූ හිටපු පොලිස්පතිගේ නිවසේ නවතම දර්ශන මෙන්න
01:46
Video thumbnail
පැදිකරු නොමැතිව කැලේ ගිය යතුරුපැදිය - තරුණ ජීවිත දෙකක් 99න් බේරූ බිහිසුණු අනතුර
01:35
Video thumbnail
මුල් ආකෘතිය වෙනස් කළ යතුරුපැදි 16ක් පුද්ගලයන් සමඟ අත්අඩංගුවට
03:00
Video thumbnail
මීගමුව බන්ධනාගාර සිද්ධිය ගැන වසන්ත කට අරියි - සිදුවීම කරපු අයයි හොයන්න ඕනි
06:38
Video thumbnail
සී.ඩී වික්‍රමරත්නගේ ම#ණය ගැන අහද්දි පිළිතුරු නොදී යන මාලිමාවේ ඇමතිලා - නිගමනවලට එන්න බෑ
01:47
Video thumbnail
මුහුදේ ජීවිතයත් ම#ණයත් අතර සටනක සිටි ධීවරයෙකු Navy එකෙන් බේරාගත් අයුරු..සංවේදී දර්ශන සහිතයි
01:15