යළිත් ගෑස් හිඟයක්, මිල වැඩිවීමක්?

වෙළෙඳපොළ තුළ යළිත් ගෑස් සැපයුමේ හිඟයක් පවතින බව වාර්තාවනවා.

පාරිභෝගිකයන් පවසන්නේ වෙළඳපොළ තුළ ලාෆ් ගෑස් සැපයුම මුළුමනින්ම අඩාල වී ඇති අතර, ඇතැම් ස්ථානවල ලිට්රෝ ගෑස් සැපයුමේද ගැටලු පවතින බවයි.

ලාෆ් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය අප සිදු කළ විමසීමකදී සඳහන් කළේ, ඩොලර් අර්බුදය හේතුවෙන් යළිත් වරක් සිය නිෂ්පාදන වෙළඳපොළට ලබාදීමේ ගැටලුවක් නිර්මාණය වී ඇති බවයි.

ගෑස් සැපයුමේ පවතින තත්වය සම්බන්ධයෙන් අප ලිට්රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහගෙන්ද විමසීමක් කළා.

ඔහු කියා සිටියේ, දෛනික ලිට්රෝ ගෑස් සැපයුම අඛන්ඩව සිදුකරන බවයි.

කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩර 75,000ක් සහ කිලෝග්‍රෑම් පහ සහ දෙකයි දශම පහ සිලින්ඩර 25,000ක් ලිට්රෝ ගෑස් පාරිභෝගිකයන් සඳහා දෛනිකව වෙළඳපොළට යොමු කෙරෙනවා.

කෙසේ වෙතත් ලාෆ් ගෑස් සැපයුමේ මතුව ඇති අර්බුදකාරී තත්ත්වය මත ඉල්ලුම ඉහළ යාමෙන් ගෑස් පිළිබඳ ගැටලුකාරී තත්ත්වයන් උද්ගත විය හැකි බව ලිට්රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ වැඩිදුරටත් කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩ ග#න ඩෝබිලා එකෙක්වත් මට දානේ වේලක්වත් දීලා නෑ - අපිලාගේ සාදුට යකා නගියි
01:50
Video thumbnail
ගැ#ටුමෙන් මි#ගිය නිලධාරීන් වෙනුවෙන් ගාල්ල බන්ධනාගාරයේ සුදු කොඩි දමා ඇති අයුරු
00:54
Video thumbnail
බොල හර්ෂණයෝ බඩේ මහත කාලා කාලා - කට්ටිය බඳාගෙන හොඳටම රඟපාලා පෙන්නුවා
10:04
Video thumbnail
අපිත් JVP වසන්තලාගේ ගො# ටෝක්වලට අපි කැමති නෑ - ඔයිට වැඩිය ලොක්කෙක්නේ ගෝඨා..
03:03
Video thumbnail
"අනේ මගේ පුතේ.." බන්ධනාගාර නිලධාරියෙකුගේ නිසල සිරුර සෝසුසුම් මැද නිවසට ගෙනෙයි
03:49
Video thumbnail
අනේ මගේ මල්ලි - නැගිටපන් යකෝ
00:32
Video thumbnail
බස් රථයක් තලගල ඔයට පෙරළී සිදු වූ අනතුර
00:44
Video thumbnail
හිටපු ඇමති ජගත් පුෂ්පකුමාරට ඇප
00:25
Video thumbnail
"පව්කාර මිනිස්සු ඇයි එහෙම දෙයක් කළේ තාත්තිට" ප්‍රධාන ජේලර් චන්ද්‍රවංශගේ දේහය මල්ශාලාවක තැන්පත් කරයි
03:18
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.08
08:07:06