spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

යළිත් ඉන්ධන පෝලිම් ඇති වූ හේතුව ඇමති පහදයි

බෙදා හැරීමේ අඩුපාඩු, ගොඩබෑමේ ප්‍රමාදයන් සහ ඉන්ධන පිරවුම්හල් මඟින් ඇණවුම් සඳහා ගෙවීම් ප්‍රමාදවීම වැනි හේතු මුල්කරගෙන මේ වනවිට දිගු ඉන්ධන පෝලිම් නිර්මාණය වී ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව පවසා තිබෙනවා.

එමෙන්ම ඉදිරි දින දෙක තුළ දී එම ඉන්ධන පෝලිම් අඩු කිරීමට සැලසුම් කරන බවයි ඔහු එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

ඒ අනුව ඉන්ධන බෙදා හැරීම සමාලෝචනය කර ඉදිරි දින තුන තුළ දිවයින පුරා අතිරේක ඉන්ධන තොග බෙදා හැරීමට උපදෙස් ලබාදෙන බවයි අමාත්‍යවරයා පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?