යහපත් රියදුරා

හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වැටී තිබූ පවුම් 6ක වටිනාකමකින් යුත් රන් භාණ්ඩ කිහිපයක් සහ මුදලින් රුපියල් 27,300ක මුදලක් ත්‍රිරෝද රථ රියදුරෙක් විසින් දැක එහි හිමිකාරිය වෙත භාරදී තිබුණි.

ආර්.ඒ නිශ්ෂංක නැමති ත්‍රිරෝද රියදුරු මාර්ගය අසළ වැටී තිබූ කාන්තා අත්බෑගයක් අහුලාගෙන පරීක්ෂා කිරීමේදී එම රන්භාණ්ඩ තොගය දැක තිබේ.

පසුව බෑගයේ තිබූ එන්නත් කාඩ්පතේ සඳහන් දුරකථන අංකයට ඇමතුමක් ලබා දී තොරතුරු තහවුරු කරගැනීමෙන් පසුව හිමිකාර කාන්තාවට නැවත එම රන් භාණ්ඩ සහිත අත්බෑගය භාර දී ඇත.

රන් භාණ්ඩවල හිමිකාරිය එම ක්‍රියාවට ස්තූති කිරීමට හැටන් ප්‍රදේශයේ පිහිටි අදාළ ත්‍රිරෝද රථ රියදුරුගේ නිවසට අද (06) පැමිණ තිබුණි.