යල කන්නයේ වී මිලදී ගැනීම ලබන 15 වැනිදා සිට ඇරඹේ

යල කන්නයේ ගොයම් කැපීම මේ වන විට ආරම්භ වී ඇති බැවින් වී මිලදී ගැනීමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන ලෙසද, ඒ සඳහා දැනට වී තොග පවතින ගබඩාවල වී තොග හිස් කර, නව වී මිලට ගැනීමට සූදානම් කිරීමේ කටයුතු සතොස සමග එක්ව සිදු කරන ලෙසද ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරින්ට උපදෙස් දුන්නා.

ජනාධිපති ලේකම්වරයා විසින් මෙසේ උපදෙස් දෙනු ලැබුවේ යල කන්නයේ වී මිලදී ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (07) පස්වරුවේ පැවති සාකච්ඡාවක දීයි.

මෙවර යල කන්නයේදී හෙක්ටයාර් 475,000ක් පමණ කුඹුරු ඉඩම් වගා කර ඇති බවද, කිසිදු කාලගුණික විපර්යාසයක් මෙවර වි වගාවට හානිකර ලෙස බලපා නැති බවද ඒ නිසා සාර්ථක වී අස්වැන්නක් ලැබී ඇති බව ද මෙහිදි සඳහන් කෙරුණා.

2026 යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා බිලියන 6ක් භාණ්ඩාගාරයෙන් ලබා දී ඇති බව ද ඊට අමතරව ඔඩපන ණය ලෙස කුඩා සහ මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් වෙත තවත් බිලියන 10ක් රජයේ බැංකු මගින් වෙන් කර ඇති බවද මෙහිදි අනාවරණය වුණා.

වී අලෙවි මණ්ඩලය ලබන 15වන දා සිට වී මිලදී ගැනීම ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවත්, ඒ සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සහාය ඇතිව අවශ්‍ය කටයුතු කෙරෙමින් පවතින බවත් මේ අවස්ථාවට සහභාගී වූ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ප්‍රකාශ කරනු ලැබුවා.

තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යාංශ ලේකම් ඩී. පී. වික්‍රමසිංහ ප්‍රකාශ කරන ලද්දේ 2024 වසරේදී වී මෝල් හිමියන් කැඳවා වී මිල වැඩි නොකරන ලෙස පැවසීමට සිදු වුවත්, මේ වන විට වී මෝල් හිමියන් කැඳවා ප්‍රකාශ කරන්නට සිදුව තිබෙන්නේ වී මිල අඩු නොකරන ලෙස යැයි ද, එසේ කරන්නට සිදුව තිබෙන්නේ වසර එකහමාරක කාලය තුළ ඉහළ වී අස්වැන්නක් ලබා ගැනීමට හැකි වීම නිසා බව ද මෙහිදී සඳහන් කෙරුණා.

එසේම 2024දී රජයට වී ලබා දෙන්නැයි ගොවීන්ගෙන් ඉල්ලා සිටීමට සිදු වූ බවද එහෙත් ගොවින් ඒ ඉල්ලීමට නිසි ප්‍රතිචාර නොදැක්වූ බවද මේ වන විට වී අලෙවි මණ්ඩලය විසින් වී මිලදී ගනු ලබන තෙක් ගොවීන් බලා සිටින තත්වයක් නිර්මාණය වී ඇති බවද මෙහිදි අනාවරණය වුණා.

2025 යල මහ දෙකේදිම බිලියන 16ක වී මිලදී ගෙන තිබෙන බවද දැනට වී අලෙවි මණ්ඩලය සතු ගබඩාවල වී තොග මෙට්‍රික්ටොන් 120,000ක් පමණ පවතින අතර, එයින් මෙට්‍රික්ටොන් 60,000 පමණ වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා ටෙන්ඩර් කැඳවා ඇති බව ද තවත් මෙට්‍රික් ටොන් 20,000 ක වී තොගයක් සතොස වෙත නිකුත් කිරිමට මේ වන විට පියවර ගෙන ඇති බවද මෙහිදී ප්‍රකාශ විණි. එසේම අවශ්‍යතාව පරිදි සමූපකාර, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව ඇතුළු රජයේ ආයතන සතු ගබඩා මෙන්ම පෞද්ගලික අංශයේ ගබඩා ද කුලී පදනම මත ලබාගැනීම පිළිබඳව ද මෙහිදි සාකච්ඡා වී තිබෙනවා.

ජනාධිපති ජ්‍යේෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී. පී.වික්‍රමසිංහ, ජනාධිපති අතිරේක ලේකම් එන්.එස්. වනසිංහ, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ. ඒ. විමලේන්තිරාජා, මූල්‍ය සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් පී.එම්.කේ. හෙට්ටිආරච්චි , වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ධම්මික රත්නතුංග, සතොස සභාපති කෝසල විල්බාව සහ අන්තර්ජාලය ඔස්සේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයාද වී වගා කරන දිස්ත්‍රික්කයන්හි දිස්ත්‍රික් ලේකම්වරුද මෙම සාකච්ඡාවට එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි - අස්සක් මුල්ලක් නෑරම පිරිසිදු කරයි
01:13
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08