යල කන්නයේ වී ගොවීන්ට පොහොර ගන්න බිලියන 11ක මූල්‍ය සහනාධාර

මෙවර යල කන්නයේ වී වගා කරන ගොවි ජනතාවට පොහොර මිල දී ගැනීම සඳහා මූල්‍යමය සහනාධාරයක් ලබාදීමට රජයේ අවධානය යොමු වී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ගොවි ජනතාවගේ නිෂ්පාදන වියදම් අවම කිරීමේ අරමුණින් මෙම සහනාධාරය ලබාදීමට නියමිත බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ, අනුව වී වගා කරන හෙක්ටෙයාරයකට රුපියල් 20,000ක මුදලකුත්, හෙක්ටෙයාර් 02ක් සඳහා රුපියල් 40,000ක මුදලකුත් ලබාදීමට මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි ද අමාත්‍යවරයා පැවසුවා.

මෙම සහනාධාරය සඳහා රජයට වැය කිරීමට සිදුවන මුදල රුපියල් බිලියන 11ක්.

යල කන්නයේ වී වගා කරන ගොවීන් පන්ලක්ෂ පනස් දහසකට පමණ මෙම සහනාධාරය හිමිවන බවයි කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසුවේ.

යල කන්නය සඳහා මේ වනවිට අවශ්‍ය මඩ පොහොර ගොවි ජනතාවට නොමිලේ ලබා දී ඇති අතර, යූරියා පොහොර මිටියක් රුපියල් 10,000ක මුදලකටත්, බන්ඩි පොහොර මිටියක් දැනට පවතින මිලට වඩා රුපියල් 4500කින් මිල අඩු කිරීමටත් කෘෂිකර්ම අමාත්‍යාංශය අවධානය යොමුව තිබෙනවා.

ඒ, අනුව තමන්ට අවශ්‍ය පොහොර මිල දී ගැනීම සඳහා මෙම මූල්‍ය ප්‍රතිපාදන භාවිතා කළ හැකි අතර, දැනට මෙම මුදල් ගොවි ගිණුම්වලට ඝෘජුවම බැර කිරීමට යෝජනා වී තිබෙනවා.

මෙවර යල කන්නයේ දී වී වගා කරන ගොවි ජනතාවට මූල්‍යමය සහනාධාරයක් ලබාදීම කෙරෙහි ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර විසින් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ද ඉදිරිපත් කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය විදුලිබල පද්ධතියට එක් කරයි
01:18
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා කියූ දේ
01:00
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට ආ ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි
01:16
Video thumbnail
මේ යන්නේ හිට්ලර් පාලනයක් හදන්න - ජනතාව පැලවත්තේ සිරකරුවන් කරගන්න රජය උත්සාහ කරනවා
14:43
Video thumbnail
මාතර දිස්ත්‍රික්කයේ දරුවන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක් - ධීවර හා සංචාරක ප්‍රදේශවල බහුලයි
01:16
Video thumbnail
සීට් බෙල්ට් තියෙන වාහන පමණයි අදින් පසු අධිවේගී මාර්ගවල ගමන් කරන්න පුළුවන්
02:45
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා වැටෙමින් ඉල්ලපු දේ - "පුතාගේ අතින් වුණ වරදට සමාව දෙන්න"
01:19
Video thumbnail
දිලිත් තරුණයින් එක්ක බොක්කෙන්ම කිව්ව දේ - හා..හා..ඩෝබි Commentsවලට කළබල වෙන්න එපා
12:33