spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

යල කන්නයේ වී ගොවීන්ට පොහොර ගන්න බිලියන 11ක මූල්‍ය සහනාධාර

මෙවර යල කන්නයේ වී වගා කරන ගොවි ජනතාවට පොහොර මිල දී ගැනීම සඳහා මූල්‍යමය සහනාධාරයක් ලබාදීමට රජයේ අවධානය යොමු වී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ගොවි ජනතාවගේ නිෂ්පාදන වියදම් අවම කිරීමේ අරමුණින් මෙම සහනාධාරය ලබාදීමට නියමිත බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ, අනුව වී වගා කරන හෙක්ටෙයාරයකට රුපියල් 20,000ක මුදලකුත්, හෙක්ටෙයාර් 02ක් සඳහා රුපියල් 40,000ක මුදලකුත් ලබාදීමට මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි ද අමාත්‍යවරයා පැවසුවා.

මෙම සහනාධාරය සඳහා රජයට වැය කිරීමට සිදුවන මුදල රුපියල් බිලියන 11ක්.

යල කන්නයේ වී වගා කරන ගොවීන් පන්ලක්ෂ පනස් දහසකට පමණ මෙම සහනාධාරය හිමිවන බවයි කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසුවේ.

යල කන්නය සඳහා මේ වනවිට අවශ්‍ය මඩ පොහොර ගොවි ජනතාවට නොමිලේ ලබා දී ඇති අතර, යූරියා පොහොර මිටියක් රුපියල් 10,000ක මුදලකටත්, බන්ඩි පොහොර මිටියක් දැනට පවතින මිලට වඩා රුපියල් 4500කින් මිල අඩු කිරීමටත් කෘෂිකර්ම අමාත්‍යාංශය අවධානය යොමුව තිබෙනවා.

ඒ, අනුව තමන්ට අවශ්‍ය පොහොර මිල දී ගැනීම සඳහා මෙම මූල්‍ය ප්‍රතිපාදන භාවිතා කළ හැකි අතර, දැනට මෙම මුදල් ගොවි ගිණුම්වලට ඝෘජුවම බැර කිරීමට යෝජනා වී තිබෙනවා.

මෙවර යල කන්නයේ දී වී වගා කරන ගොවි ජනතාවට මූල්‍යමය සහනාධාරයක් ලබාදීම කෙරෙහි ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර විසින් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ද ඉදිරිපත් කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?