යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම අද සිට

යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම අද (27) දිනයේ සිට ආරම්භ වනවා.

ඒ, අනුව වී මිලදී ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමිව ඇති බවයි වාර්තා වුණේ.

වී අස්වනු මිලදී ගැනීමේ පළමු අදියර සඳහා රුපියල් මිලියන 500ක් වෙන්කර තිබෙනවා.

ඒ, අනුව හඳුනා ගත් ප්‍රදේශවල වී ගබඩා අද (27) සිට විවෘත කර, වී අලෙවි මණ්ඩලය හරහා වී මිලදී ගැනීමට පියවර ගන්නා බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ.

මෙහිදී කීරි සම්බා වී කිලෝග්‍රෑම් එකක් රුපියල් 130ක මිලකට මිලදී ගන්නා අතර,සම්බා වී කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 115ක මිලක් නියමකර තිබෙනවා.

එමෙන්ම යල කන්නයේ නාඩු වී කිලෝග්‍රෑම් එකක් රුපියල් 105 බැගින් මිලදී ගැනීමටයි කැබිනට් අනුමැතිය හිමිව ඇත්තේ.

මේ අතර, පොහොර සහානාධාරය රුපියල් 15,000 සිට 25,000 දක්වා වැඩි කිරීමට ද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26