යල කන්නයේ දී මඬ පොහොර (TSP)නොමිලේ

වී වගාව සඳහා අත්‍යාවශ්‍ය රසායනික පොහොර විශේෂයක් වන මඬ පොහොර හෙවත් Triple Super Phosphate (TSP) පොහොර එළැඹෙන යල කන්නයේ දී දිවයිනේ සියලුම ගොවීන්ට අවශ්‍ය සම්පූර්ණ ප්‍රමාණයම නොමිලයේ ලබා දීමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

මහ කන්නයේ දී මඬ පොහොර ලබා දීමට තීරණය කර තිබුනත් ඒවා මිල දී ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ.

එයට හේතුව නම් රුසියාව හා යුක්රේනය අතර ගැටුම නිසා යුක්රේනය විසින් එම පොහොර අපනයනය අත්හිටුවා තිබීමයි.

කෙසේ වුවද මේ වනවිට මඬ පොහොර මෙට්‍රික් ටොන් 36,000ක් සහිත නැව ලබන මස පළමු සති දෙක තුළ මෙරටට ළඟාවීමට නියමිත අතර යල කන්නයේ වී වගාවට අවශ්‍ය සම්පූර්ණ මඬ පොහොර ප්‍රමාණයම නොමිලයේ ගොවීන්ට ලබා දෙන බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ.

ලංකා පොහොර සමාගම හා කොමර්ෂල් පොහොර සමාගම් විසින් පොහොර සැපයීම සම්බන්ධව පැවැති සාකච්ඡාවකට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

මෙවර මහ කන්නයේ දී යුරියා පොහොර මෙට්‍රික් ටොන් 125,000ක් ආනයනය කළ අතර ඉන් සියයට 75ක්ම අලෙවි වී ඇති අතර මේ වනවිට ගොවිජන මධ්‍යස්ථාන සතුව මෙට්‍රික් ටොන් 10,000ක් හා සමාගම් සතු ගබඩාවල යුරියා මෙට්‍රික් ටොන් 20,000ක් වශයෙන් තවත් යුරියා මෙට්‍රික් ටොන් 30,000ක් පමණ ඉතිරිව පවතිනවා.

එමෙන්ම බන්ඩි පොහොර හෙවත් MOP පොහොර දැනට අලෙවි වී තිබෙන්නේ සියයට 05ක් තරම් ප්‍රමාණයක්.

එම නිසා 2023 යල කන්නයේ දී වී වගාව සඳහා අවශ්‍ය සියලු පොහොර මෙවර සැපයීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සූදානම් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26