යන්ත්‍රානුසාරයෙන් වෙරළ තීරය පවිත්‍ර කිරීමේ වැඩසටහන කාක දූපත් වෙරළ තීරයෙන් ඇරඹේ ‍(ඡායාරූප)

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීම හේතුවෙන් මෙරට වෙරළ තීරයට සිදු වූ පරිසර හානිය අවම කර ගනිමින් වෙරළ තීරයේ කැළි කසල ඉවත් කිරිම යන්ත්‍රානුසාරයෙන් සිදු කිරීමේ වැඩසටහන ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) උදෑසන මට්ටක්කුලිය, කාක දූපත් වෙරළ තීරයේ දී නිල වශයෙන් ආරම්භ කෙරුණා.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය, ශ්‍රී ලංකා පොලිස් පරිසර ඒකකය, ශ්‍රී ලංකා නාවික හමුදාව මෙන්ම තුඩාව බ්‍රදර්ස් පුද්ගලික සමාගම ඒකාබද්ධවයි වැඩසටහන ක්‍රියාවට නංවනු ලබන්නේ.

මෙහිදී අදහස් දැක්වූ සාගල රත්නායක මහතා කියා සිටියේ ශ්‍රී ලංකාව සංචාරක ආකර්ෂණයට ලක්ව ඇත්තේ සුන්දර වෙරළ තීරය, පරිසරය සහ සංස්කෘතික උරුමයන් නිසා බවයි.

එබැවින් වෙරළ තීරය රැක ගනිමින් සංචාරක කර්මාන්තය ශක්තිමත්ව ඉදිරියට පවත්වාගෙන යාම මෙන්ම මතු පරපුර වෙනුවෙන් පරිසරය රැක දීම සියලුදෙනාගේ වගකීමක් බව ඔහු අවධාරණය කළා.

මෙම වෙරළ සංරක්ෂණ වැඩසටහන තිරසර ලෙස, දීප ව්‍යාප්තව ඉදිරියට ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව සඳහන් කළ සාගල රත්නායක මහතා කියාසිටියේ ඒ වෙනුවෙන් රාජ්‍ය නොවන සංවිධානවල සහ සම්පත් දායකයන්ගේ සහාය ලබා ගැනීමට ද අපේක්ෂා කරන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14