spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටී දෙදෙනෙක් රෝහලේ

යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුව ඇති අනතුරකින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව කල්පිටිය පොලිසිය පවසනවා.

ඊයේ (14) දින කල්පිටිය – කන්දකුලිය ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් තුවාල ලබා සිටි යතුරුපැදිකරුවන් දෙදෙනා ප්‍රතිකාර සඳහා එම අවස්ථාවේදීම කල්පිටිය දිසා රෝහලට ඇතුළත් කර තිබුණා.

ඒ අතරින් බරතපල තත්ත්වයේ පසු වූ එක් යතුරුපැදිකරුවෙකු පුත්තලම මූලික රෝහලටත් අනතුරුව කොළඹ ජාතික රෝහලටත් මාරු කර යවා ඇති බව සඳහන්.

අනෙක් යතුරුපැදිකරු කල්පිටිය දිසා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

මෙම අනතුර සම්බන්ධයෙන් කල්පිටිය පොලිසියේ රථවාහන අංශය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?