යතුරුපැදි අනතුරකින් මව සහ පුතා මරුට

ගොකරැල්ල පොල්ගොල්ල පිරිවෙන ආසන්නයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු සහ ඔහුගේ මව ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

මෙම දෙදෙනා ගමන් ගත් යතුරුපැදිය බස් රථයක ගැටීමෙනුයි අද දහවල් අනතුර සිදුවී ඇත්තේ.

යතුරුපැදි ඉදිරියෙන් ගමන් කළ ලංගම බස් රථයක් පසුකර යාමට උත්සාහ කිරීමේදී එම බස් රථයේ බඳෙහි ගැටී යතුරුපැදිය පෙරලී ගොස් එම බස් රථයේම පසුපස රෝදයට යටවීමෙන් අනතුර සිදුව තිබෙනවා.

බරපතල තුවාල ලැබූ මව සහ පුත්‍රයා ගොකරැල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මරණයට පත්වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ දේවගිරිය දිද්දෙණිය ප්‍රදේශයේ පදිංචි දෙදෙනෙක්.

පුත්‍රයාගේ වයස අවුරුදු 39ක් වන අතර මවගේ වයස අවුරුදු 62ක්.

මියගොස් ඇති පුත්‍රයාගේ බිරිඳ කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඇය බැලීමට මව සමග රෝහලට යන අතරතුර දී මෙම අනතුර සිදුවී ඇති බවට අනාවරණ වී තිබෙනවා.

මෘත ශරීර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ගොකරැල්ල රෝහලේ තැන්පත් කර තිබෙනවා.

යතුරුපැදිකරුගේ අපරීක්ෂාකාරී හා නොසැලකිලිමත් රිය ධාවනය හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇති බවට අනාවරණ වී ඇති බවයි පොලිසිය කියාසිටියේ.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරා අත්අංඩංගුවට ගෙන ඇති අතර ගොකරැල්ල පොලිසිය පරීක්ෂණ සිදුකරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32