යතුරුපැදි අනතුරකින් පොලිස් නිලධාරිනියක් ජීවිතක්ෂයට

මීරිගම – පස්යාල මාර්ගයේ දුමුන්නේගෙදර ප්‍රදේශයේ දී සිදු වූ යතුරපැදි අනතුරකින් පොලිස් නිලධාරිනියක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඒ ඇය ගමන් කළ යතුරුපැදිය මාර්ගයේ ඇදවැටී කන්ටේනර් රථයකට යටවීමෙන්.

මීරිගම දෙස සිට පස්යාල දෙසට ධාවනය වූ යතුරුපැදියක් එම දිශාවටම ධාවනය වූ තවත් යතුරුපැදියක් පසුකර යාමේදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි කන්ටේනර් රථයකට ඉඩ ලබා දී මාර්ගයේ වම් පසට ගැනීමේ දී ඉදිරියෙන් ගිය යතුරුපැදියේ ගැටී තිබෙනවා.

අනතුරුව එම යතුරුපැදිය මාර්ගයේ වැටී ඇති අතර එහි පසුපස ගමන් කළ කාන්තාව ඉදිරියෙන් පැමණි කන්ටේනර් රථයට යටවී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුරින් බරපතළ තුවාල ලැබූ පසුපැදිකාරිය වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමේ දී ජිවිතක්ෂයට පත්වී තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ, අඹේපුස්ස ප්‍රදේශයේ පදිංචි වරකාපොළ පොලිස් ස්ථානයට අනුයුක්ත 52 හැවිරිදි පොලිස් නිලධාරිනියක්.

අනතුරට අදාළව කන්ටේනර් රථයේ රියදුරා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර පළාගිය යතුරුපැදිකරු සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14