spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

යතුරුපැදි අනතුරකින් පොලිස් නිලධාරිනියක් ජීවිතක්ෂයට

මීරිගම – පස්යාල මාර්ගයේ දුමුන්නේගෙදර ප්‍රදේශයේ දී සිදු වූ යතුරපැදි අනතුරකින් පොලිස් නිලධාරිනියක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඒ ඇය ගමන් කළ යතුරුපැදිය මාර්ගයේ ඇදවැටී කන්ටේනර් රථයකට යටවීමෙන්.

මීරිගම දෙස සිට පස්යාල දෙසට ධාවනය වූ යතුරුපැදියක් එම දිශාවටම ධාවනය වූ තවත් යතුරුපැදියක් පසුකර යාමේදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි කන්ටේනර් රථයකට ඉඩ ලබා දී මාර්ගයේ වම් පසට ගැනීමේ දී ඉදිරියෙන් ගිය යතුරුපැදියේ ගැටී තිබෙනවා.

අනතුරුව එම යතුරුපැදිය මාර්ගයේ වැටී ඇති අතර එහි පසුපස ගමන් කළ කාන්තාව ඉදිරියෙන් පැමණි කන්ටේනර් රථයට යටවී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුරින් බරපතළ තුවාල ලැබූ පසුපැදිකාරිය වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමේ දී ජිවිතක්ෂයට පත්වී තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ, අඹේපුස්ස ප්‍රදේශයේ පදිංචි වරකාපොළ පොලිස් ස්ථානයට අනුයුක්ත 52 හැවිරිදි පොලිස් නිලධාරිනියක්.

අනතුරට අදාළව කන්ටේනර් රථයේ රියදුරා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර පළාගිය යතුරුපැදිකරු සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
0
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?