spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

යතුරුපැදි අනතුරකින් අඹුසැමි යුවළක් ජීවිතක්ෂයට

ඇල්පිටිය අම්බලන්ගොඩ ප්‍රධාන මාර්ගයේ ඌරන්වල ප්‍රදේශයේදී සිදු වූ යතුරුපැදි අනතුරකින් අඹුසැමි යුවළක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කැබ් රථයක් සහ යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙනුයි ඊයේ රාත්‍රී මෙම අනතුර සිදුවී ඇත්තේ. මියගොස් ඇත්තේ බද්දේගම හල්පතොට ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවළක්.

කුරුඳුගහහැතැප්ම දෙස සිට ඇල්පිටිය දෙසට ධාවනය වෙමින් තිබූ කැබ් රථයක් සහ ඇල්පිටිය දෙස සිට කුරුඳුගහහැතැප්ම දෙසට ධාවනය වෙමින් තිබූ යතුරු පැදිය මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇතැයි සඳහන්.

අනතුරෙන් බරපතල තුවාල ලබාසිටි යතුරුපැදියේ ගමන් කළ අඹුසැමි යුවළ ඇල්පිටිය මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇති අතර එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා.

කැබ් රථයේ රියදුරාද තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි වාර්තා වන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
10
+1
4
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?