යතුරුපැදිය ගවයින්ගේ ගැටීමෙන් තරුණයෙකු මරුට තවත් අයෙකුට බරපතලයි

කිලිනොච්චිය පුලියම්පොක්කනෙයි ප්‍රදේශයේදී තරුණයින් දෙදෙනෙකු ගමන්ගත් යතුරුපැදියක් ගවරංචුවක ගැටීමෙන් අද (09) අලුයම සිදුවූ අනතුරකදි එක් තරුණයෙකු මිය ගොස් තවත් අයෙකු බරපතල තුවාල ලබා ඇතැයි කිලිනොච්චිය පොලීසිය පැවසුවා.

පුලියම්පොක්කනෙයි මංසන්ධිය ප්‍රදේශයේදී අදාළ තරුණයින් දෙදෙනා අධික වේගයකින් යතුරුපැදියෙන් ගමන්කොට ඇති අතර එහිදී මාර්ගය හරහා ගමන් කරමින් සිටි ගවරංචුවක යතුරුපැදියේ වේගය පාලනය කරගැනීමට නොහැකිව ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය විසින් අනාවරණය කොටගෙන තිබෙනවා.

අනතුරින් යතුරුපැදියේ පැදිකරු එම ස්ථානයේම මයිගොස් ඇති අතර පසුපස පැමිණි තරුණයා බරපතල තුවාල ලබා කිලිනොච්චිය මහරෝහලට ඇතුලත් කරනු ලැබ තිබෙනවා.

මේ අතර යතුරුපැදියේ අධික වේගය හේතුවෙන් යතුරුපැදියේ ගැටුනු ගවයින් දෙදෙනෙකුද එම ස්ථානයේ මිය ගොස් ඇති අතර තවත් ගවයින් කිහිප දෙනෙකුට තුවාල සිදුව ඇතැයිද අනාවරණය වෙයි.

අනතුරින් මිය ගොස් ඇත්තේ පුලියන්පොක්කනෙයි ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණයෙකු වන අතර අනතුර සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14