spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

යතුරුපැදිය ගවයින්ගේ ගැටීමෙන් තරුණයෙකු මරුට තවත් අයෙකුට බරපතලයි

කිලිනොච්චිය පුලියම්පොක්කනෙයි ප්‍රදේශයේදී තරුණයින් දෙදෙනෙකු ගමන්ගත් යතුරුපැදියක් ගවරංචුවක ගැටීමෙන් අද (09) අලුයම සිදුවූ අනතුරකදි එක් තරුණයෙකු මිය ගොස් තවත් අයෙකු බරපතල තුවාල ලබා ඇතැයි කිලිනොච්චිය පොලීසිය පැවසුවා.

පුලියම්පොක්කනෙයි මංසන්ධිය ප්‍රදේශයේදී අදාළ තරුණයින් දෙදෙනා අධික වේගයකින් යතුරුපැදියෙන් ගමන්කොට ඇති අතර එහිදී මාර්ගය හරහා ගමන් කරමින් සිටි ගවරංචුවක යතුරුපැදියේ වේගය පාලනය කරගැනීමට නොහැකිව ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය විසින් අනාවරණය කොටගෙන තිබෙනවා.

අනතුරින් යතුරුපැදියේ පැදිකරු එම ස්ථානයේම මයිගොස් ඇති අතර පසුපස පැමිණි තරුණයා බරපතල තුවාල ලබා කිලිනොච්චිය මහරෝහලට ඇතුලත් කරනු ලැබ තිබෙනවා.

මේ අතර යතුරුපැදියේ අධික වේගය හේතුවෙන් යතුරුපැදියේ ගැටුනු ගවයින් දෙදෙනෙකුද එම ස්ථානයේ මිය ගොස් ඇති අතර තවත් ගවයින් කිහිප දෙනෙකුට තුවාල සිදුව ඇතැයිද අනාවරණය වෙයි.

අනතුරින් මිය ගොස් ඇත්තේ පුලියන්පොක්කනෙයි ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණයෙකු වන අතර අනතුර සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?