spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

යතුරුපැදියක් වෑන් රථයක හා කැබ් රථයක ගැටී සිසුවෙක් මරුට

යතුරුපැදියක් වෑන් රථයක හා කැබ් රථයක ගැටී සිදුවූ අනතුරකින් 18 හැවිරිදි පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි කොට්ටාව පොලිසිය පවසනවා.

ඒ බව අසල සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබුණා.

මෙසේ මියගොස් ඇත්තේ, කොට්ටාව හේනවත්ත පාර පදිංචි 18 හැවිරිදි පාසල් සිසුවකු බව පොලිසිය පවසනවා.

පාසල් සිසුවා මිතුරෙකුගෙන් ලබා ගත් යතුරුපැදියකින් කොට්ටාව දෙස සිට හෝමාගම දෙසට යමින් සිටියදී හෝමාගම දෙස සිට පැමිණි වෑන් රථයක් කොට්ටාව නගර මධ්‍යයේදී එක්වරම දකුණු පසට හැරවීමට යාමේදී වෑන් රථයේ පිටුපස බපරයේ වැදී විසි වී කැබ් රථයක ගැටී සිදු වූ අනතුරෙන් පාසල් සිසුවා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමට යාමේදී මිය ගොස් තිබෙනවා.

අනතුරට සම්බන්ධ වෑන් රථයේ සහ කැබ් රථයේ රියදුරන් අත්අඩංගුවට ගෙන ඇති අතර කොට්ටාව පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
8
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?