spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

යතුරුපැදියක් පාලනයෙන් ගිලිහී තරුණයෙකුට දිවි අහිමිවෙයි

ඊයේ (13) දහවල් පන්නල පොලිස් වසමේ පන්නල ගිරිඋල්ල මාර්ගයේ මාහොලව හන්දියේදී ගිරිඋල්ල දෙස සිට පන්නල දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් යතුරුපැදිය පෙරලී පසු පැදිකරු විසි වී ගොස් පන්නල දෙස සිට ගිරිඋල්ල දෙසට ධාවනය වූ කැබ් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ පැදිකරු සහ පසු පැදිකරු ප්‍රතිකාර සඳහා දඹදෙණිය රෝහලට ඇතුලත් කිරීමේදී පසු පැදිකරු මිය ගොස් ඇති බව පොලිසිය පවසනවා.

මරණකරු 25 හැවිරිදි නැගෙනහිර ගල්කුලිය, ආඬිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෘත ශරීරය දඹදෙණිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් අර ඇති අතර අනතුර සම්බන්ධයෙන් කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පන්නල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?