spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

යක්ක පුතුන්ගේ හැදියාව නිසා ලංකාවට එන්න තියන වීසා වලටත් වැඩේ වෙයිද ?

ජපානයේ ටෝකියෝ නගරයේ කාර්මික ශිල්පියෙක් ලෙස කටයුතු කළ ශ්‍රී ලාංකිකයෙක් ගේ මරණය සම්බන්ධයෙන් එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති බව ජපාන මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය 05 වනදා එසේ ඝාතනය කර තිබුණේ පාතහේවාහැට පදිංචිව සිටි 45 හැවිරිදි උපුල් රෝහණ නම් දෙදරු පියෙකි.

ඉබරකි පොලීසිය සඳහන් කළේ ඔහුගේ ඝාතනය සම්බන්ධයෙන් 29 හැවිරිදි තවත් ශ්‍රී ලාංකිකයෙක් අත්අඩංගුවට ගත් බවය.බෙන්දෝ නගරයේ පිහිටි කර්මාන්ත ශාලාවක සේවකයින් පිරිසක් අතර ගැටුමක් පවතින බවට ඉරිදා රාත්‍රියේ පොලීසියට දුරකථන ඇමතුමක් ලැබුනු බව ඔවුන් මාධ්‍යයට පවසා තිබුණි.

නමුත් පොලීසිය එහි යන විට මරණකරු බරපතළ තුවාල සහිතව සිට ඇති අතර ඔහුගේ වම් උරහිසෙහි දරුණු කැපුම් තුවාලයක් තිබූ බව සඳහන් විය.සැකකරුද එම ස්ථානයේ සිට ඇති අතර පසුව ඔහුව පොලිස් භාරයට ගෙන තිබුණි.

උපුල් රෝහණ මීට වසර තුනකට පමණ පෙර ජපානයට ගොස් ඇති අතර ඔහු සිය ගිවිසුම් කාලය නිමකර තව දින කිහිපයකින් මෙරටට පැමිණීමට නියමිතව ඇති බව වාර්තා වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?