යක්ක පුතුන්ගේ හැදියාව නිසා ලංකාවට එන්න තියන වීසා වලටත් වැඩේ වෙයිද ?

ජපානයේ ටෝකියෝ නගරයේ කාර්මික ශිල්පියෙක් ලෙස කටයුතු කළ ශ්‍රී ලාංකිකයෙක් ගේ මරණය සම්බන්ධයෙන් එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති බව ජපාන මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය 05 වනදා එසේ ඝාතනය කර තිබුණේ පාතහේවාහැට පදිංචිව සිටි 45 හැවිරිදි උපුල් රෝහණ නම් දෙදරු පියෙකි.

ඉබරකි පොලීසිය සඳහන් කළේ ඔහුගේ ඝාතනය සම්බන්ධයෙන් 29 හැවිරිදි තවත් ශ්‍රී ලාංකිකයෙක් අත්අඩංගුවට ගත් බවය.බෙන්දෝ නගරයේ පිහිටි කර්මාන්ත ශාලාවක සේවකයින් පිරිසක් අතර ගැටුමක් පවතින බවට ඉරිදා රාත්‍රියේ පොලීසියට දුරකථන ඇමතුමක් ලැබුනු බව ඔවුන් මාධ්‍යයට පවසා තිබුණි.

නමුත් පොලීසිය එහි යන විට මරණකරු බරපතළ තුවාල සහිතව සිට ඇති අතර ඔහුගේ වම් උරහිසෙහි දරුණු කැපුම් තුවාලයක් තිබූ බව සඳහන් විය.සැකකරුද එම ස්ථානයේ සිට ඇති අතර පසුව ඔහුව පොලිස් භාරයට ගෙන තිබුණි.

උපුල් රෝහණ මීට වසර තුනකට පමණ පෙර ජපානයට ගොස් ඇති අතර ඔහු සිය ගිවිසුම් කාලය නිමකර තව දින කිහිපයකින් මෙරටට පැමිණීමට නියමිතව ඇති බව වාර්තා වේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14