spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

යකඩ පෙට්ටියක් තුළ සඟවා ගෙන ආ දුම් වැටි තොගය

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලත් සමාගමක් විසින් බදු සහන යටතේ සිය වරප්‍රසාද භාවිතා කරමින් නීතිවිරෝධී ලෙස චීනයෙන් මෙරටට ගෙන්වා තිබූ රුපියල් අට කෝටි පනස් ලක්ෂ හැට තුන් දහස් අට සිය අසූ පහක් වටිනා චීනයේ නිෂ්පාදිත දුම්වැටි පන් ලක්ෂ පනස් හය දහසක් , ශ්‍රී ලංකා රේගුවේ ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් පිරිසක් විසින් ඊ‍යේ (11) දින අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ( නීති කටයුතු )
සුදත්ත සිල්වා ප්‍රකාශ කළේය .

මෙම සමාගම සිය කර්මාන්තශාලාව සදහා අවශ්‍ය යන්ත්‍රෝපකරණයක් ලෙස රේගුවට ප්‍රකාශ කරමින් , විශාල යකඩ පෙට්ටියක් තුළ සගවා , චීනයේ නිෂ්පාදිත විවිධ වර්ගයේ මෙම දුම්වැටි තොගය මෙරටට ගෙනැවිත් තිබෙනවා.

මෙම නීතිවිරෝධී ආනයනය නිසා ශ්‍රී ලංකාවට අහිමි වන බදු ආදායම රුපියල් හත් කෝටි පනස් ලක්ෂ හැත්තෑ නව දහස් හාර සිය පනස් පහක් බව රේගුව ගනන් බලා තිබෙන්නේ.

මෙම විශාල යකඩ පෙට්ටිය පිළිබඳව සැක සිතූ රේගු නිලධාරීන් , එය කපා පරීක්ෂා කිරීමේදී නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වා තිබූ දුම්වැටි තොගය අනාවරණය කර ගැනීමට සමත් වී තිබෙන බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
6
+1
2
+1
0
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?