යකඩ පෙට්ටියක් තුළ සඟවා ගෙන ආ දුම් වැටි තොගය

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලත් සමාගමක් විසින් බදු සහන යටතේ සිය වරප්‍රසාද භාවිතා කරමින් නීතිවිරෝධී ලෙස චීනයෙන් මෙරටට ගෙන්වා තිබූ රුපියල් අට කෝටි පනස් ලක්ෂ හැට තුන් දහස් අට සිය අසූ පහක් වටිනා චීනයේ නිෂ්පාදිත දුම්වැටි පන් ලක්ෂ පනස් හය දහසක් , ශ්‍රී ලංකා රේගුවේ ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් පිරිසක් විසින් ඊ‍යේ (11) දින අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ( නීති කටයුතු )
සුදත්ත සිල්වා ප්‍රකාශ කළේය .

මෙම සමාගම සිය කර්මාන්තශාලාව සදහා අවශ්‍ය යන්ත්‍රෝපකරණයක් ලෙස රේගුවට ප්‍රකාශ කරමින් , විශාල යකඩ පෙට්ටියක් තුළ සගවා , චීනයේ නිෂ්පාදිත විවිධ වර්ගයේ මෙම දුම්වැටි තොගය මෙරටට ගෙනැවිත් තිබෙනවා.

මෙම නීතිවිරෝධී ආනයනය නිසා ශ්‍රී ලංකාවට අහිමි වන බදු ආදායම රුපියල් හත් කෝටි පනස් ලක්ෂ හැත්තෑ නව දහස් හාර සිය පනස් පහක් බව රේගුව ගනන් බලා තිබෙන්නේ.

මෙම විශාල යකඩ පෙට්ටිය පිළිබඳව සැක සිතූ රේගු නිලධාරීන් , එය කපා පරීක්ෂා කිරීමේදී නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වා තිබූ දුම්වැටි තොගය අනාවරණය කර ගැනීමට සමත් වී තිබෙන බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14