spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

යකඩ කූරක් ඇනීමෙන් මියගිය බව කියන විදුලිබල මණ්ඩල සේවකයාට වෙඩි තබලා ?

විදුලිබල මණ්ඩලයට අයත් නඩත්තු ඒකකයේ සේවය කළ පුද්ගලයෙකුගේ මරණය සැකසහිත වීම හේතුවෙන් පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. මෙලෙස මිය ගොස් ඇත්තේ අම්බලන්ගොඩ සීනිගොඩ පිහිටි විදුලිබල මණ්ඩලයට අයත් නඩත්තු ඒකකයේ සේවය කල 24 හැවිරිදි ප්‍රියදර්ශන් පුෂ්පකුමාර නැමති කළුතර, දොඩංගොඩ ප්‍රදේශයේ පදිංචි අයෙක්. මොහු විදුලි කම්බි ඇදීමේ කටයුතු සඳහා ඌරගස්මංහන්දිය, යටගල වල්ඉඟුරුකැටිය ප්‍රදේශයට ගොස් සිටිය දී සිදුවු තුවාලයක් හේතුවෙන් රෝහල් ගත කර තිබුණා.

මෙම පුද්ගලයා රෝහල්ගත කරන විට සෙසු සේවකයින් රෝහලට පවසා ඇත්තේ යකඩ කූරක් ඇනීම හේතුවෙන් අදාළ පුද්ගලයාගේ බඩ ප්‍රදේශය තුවාල වී ඇති බවයි. වෛද්‍යවරු තුවාලකරු ශල්‍යකර්මයක් සඳහා යොමුකර ඇති නමුත් පැය කිහිපයකට පසුව ඔහු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මියගිය පුද්ගලයාගේ තුවාලය වෙඩි වැදීමකින් සිදුවුවක් බවට වෛද්‍යවරු සැකපළ කරනවා. මියගිය පුද්ගලයාගේ දේහය මේ වන විට පීසීආර් පරීක්ෂණය සඳහා බලපිටිය රෝහලේ තැන්පත් කර ඇති අතර ඉන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?