යකඩ කූරක් ඇනීමෙන් මියගිය බව කියන විදුලිබල මණ්ඩල සේවකයාට වෙඩි තබලා ?

විදුලිබල මණ්ඩලයට අයත් නඩත්තු ඒකකයේ සේවය කළ පුද්ගලයෙකුගේ මරණය සැකසහිත වීම හේතුවෙන් පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. මෙලෙස මිය ගොස් ඇත්තේ අම්බලන්ගොඩ සීනිගොඩ පිහිටි විදුලිබල මණ්ඩලයට අයත් නඩත්තු ඒකකයේ සේවය කල 24 හැවිරිදි ප්‍රියදර්ශන් පුෂ්පකුමාර නැමති කළුතර, දොඩංගොඩ ප්‍රදේශයේ පදිංචි අයෙක්. මොහු විදුලි කම්බි ඇදීමේ කටයුතු සඳහා ඌරගස්මංහන්දිය, යටගල වල්ඉඟුරුකැටිය ප්‍රදේශයට ගොස් සිටිය දී සිදුවු තුවාලයක් හේතුවෙන් රෝහල් ගත කර තිබුණා.

මෙම පුද්ගලයා රෝහල්ගත කරන විට සෙසු සේවකයින් රෝහලට පවසා ඇත්තේ යකඩ කූරක් ඇනීම හේතුවෙන් අදාළ පුද්ගලයාගේ බඩ ප්‍රදේශය තුවාල වී ඇති බවයි. වෛද්‍යවරු තුවාලකරු ශල්‍යකර්මයක් සඳහා යොමුකර ඇති නමුත් පැය කිහිපයකට පසුව ඔහු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මියගිය පුද්ගලයාගේ තුවාලය වෙඩි වැදීමකින් සිදුවුවක් බවට වෛද්‍යවරු සැකපළ කරනවා. මියගිය පුද්ගලයාගේ දේහය මේ වන විට පීසීආර් පරීක්ෂණය සඳහා බලපිටිය රෝහලේ තැන්පත් කර ඇති අතර ඉන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14