මෝල්ටාව ආසන්න මුහුදේ ශ්‍රී ලාංකිකයන් ඇතුලු සංක්‍රමණිකයන් පිරිසක් අනතුරක

මෝල්ටාවට ඔබ්බෙන් වූ ජාත්‍යන්තර මුහුදේ අනතුරට ලක්වූ ධීවර බෝට්ටුවක සිටි ශ්‍රී ලාංකිකයන් ඇතුළු සංක්‍රමණිකයින් සිය ගණනක් දැඩි කුණාටු සහිත මුහුදේ පැය 11ක මෙහෙයුමකින් පසු බේරා ගත් බව මායිම් රහිත වෛද්‍යවරු (MSF) පුණ්‍යායතනය පවසනවා.

MSF පැවසුවේ Geo Barents යාත්‍රාව ගලවා ගැනීමේ මෙහෙයුම සඳහා අරගල කළ අතර රළු කාලගුණය හේතුවෙන් ඔවුන්ගේ තත්වය නිරීක්ෂණය කිරීමට වඩා වැඩි යමක් කළ නොහැකි බවයි.

මේවන විට සංක්‍රමණිකයන් 440 දෙනෙකු ජීවිතාරක්ෂක කබා ලබාදී බේරා ගෙන ඇති බවයි එම සංවිධානය පවසන්නේ.

මධ්‍යම මධ්‍යධරණී මුහුද තරණය කරන සංක්‍රමණිකයින්ගෙන් ආපදා ඇමතුම් ලබා ගන්නා පුණ්‍යායතනයක් වන Alarm Phone දින දෙකකට පෙර බෝට්ටුව අනතුරට ලක්ව ඇති බවට අනතුරු අඟවා තිබූ අතර එය MSFහි මැදිහත්වීම ඉල්ලා තිබෙනවා.

යාත්‍රාව කුණාටුවකට හසු වී තිබූ අතර, මීටර් 4.5ක් 5ක් පමණ දක්වා වූ උස රළවලට එය මුහුණ දෙමින් තිබූ බව සඳහන්.

කාන්තාවන් අට දෙනෙකු සහ ළමුන් 30 දෙනෙකු ඇතුළු මෙම සංක්‍රමණිකයන් අප්‍රේල් 1 වන දින බෙන්ගාසි අසල නැගෙනහිර ලිබියාවේ සිට පිටත්වීමෙන් පසු දින හතරක් ආහාර හෝ ජලය නොමැතිව මුහුදේ ගත කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

ඔවුන්ගෙන් එක් අයෙකු බරපතල විජලනය හේතුවෙන් ක්ලාන්ත වී ඇති අතර ප්‍රතිකාර සඳහා හෙලිකොප්ටරයකින් මෝල්ටාවට රැගෙන ගොස් තිබෙනවා.

මෙම සංක්‍රමණික කණ්ඩායමට සිරියාව, පකිස්ථානය, බංග්ලාදේශය, ඊජිප්තුව, සෝමාලියාව සහ ශ්‍රී ලංකාව යන රටවල පුද්ගලයින් ඇතුළත් වන බව සඳහන්.

MSF පැවසුවේ සංක්‍රමණිකයන් 100 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඉතාලි වෙරළාරක්ෂක බලකායට භාර දී ගිනිකොනදිග ඉතාලි වරාය වන Brindisi වෙත ගෙන යන ලෙසට දැනුම් දුන් බවයි.

ගලවා ගැනීමේ මෙහෙයුම සඳහා ගිය Geo Barents යාත්‍රාව අද සිකුරාදා Brindisi වෙත පැමිණෙනු ඇතැයි අපේක්ෂිතයි.

උතුරු අප්‍රිකාවේ සිට ඉතාලිය දක්වා මුහුදු මාර්ගයෙන් එන සංක්‍රමණිකයන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන අතර මෙම වසරේ ගතවූ කාලය තුළ 28,000 කට වඩා වැඩි පිරිසක් පැමිණ ඇති අතර පසුගිය 2022 වසරේ අදාළ කාලය තුළ පැමිණ ඇත්තේ සංක්‍රමණිකයන් 6,800ක් පමණයි.

පසුගිය සඳුදා ලැම්පෙඩුසා දූපත අසල කාන්තාර දූපතක සිරවී සිටි සංක්‍රමණිකයන් 32 දෙනෙකු ද හෙලිකොප්ටරයකින් ගොඩගෙන බේරා ගැනීමට ඉතාලි වෙරළාරක්ෂක භටයින් මෙහෙයුමක් සිදු කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14