spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මෝර්නි මෝකල් පාකිස්ථාන වේග පන්දු පුහුණුකරු ධුරය හැරයයි

පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස කටයුතු කළ මෝර්නි මෝකල් එම තනතුරෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

ඔහුගේ කොන්ත්‍රාත් කාලය අවසන් වීමට තවත් සති 06ක කාලයක් පවතින වාතාවරණයක මෝකල් මෙම තීරණය ගෙන ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ.

පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය ඊයේ කෙටි නිවේදනයක් නිකුත් කරමින් නිවේදනය කළේ පාකිස්තානය එක්දින ලෝක කුසලානයෙන් විධිමත් ලෙස ඉවත් වීමෙන් පසුව මෝකල් එම තනතුරින් ඉල්ලා අස් වූ බවයි.

මේ අතර එම තනතුර වෙනුවෙන් ආදේශකයක් නියම වේලාවේදී ප්‍රකාශයට පත් කරන බවයි පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කළේ.

මිකී ආතර් පාකිස්ථාන කණ්ඩායම් අධ්‍යක්ෂවරයා ලෙස නැවත පැමිණීමෙන් පසු සිදුකළ පුහුණු කාර්ය මණ්ඩලයේ ප්‍රතිසංවිධානයක කොටසක් ලෙස මෙම වසරේ ජුනි මාසයේ දී දකුණු අප්‍රිකානු ජාතික මෝර්නි මෝකල් වේග පන්දු පුහුණුකරු ලෙස පත් කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?