මෝදි සමග සම්බන්දතා තියන සජිත්

සමගි ජන බලවේග ආණ්ඩුවක් තුලින් මේ රටේ ජාති ආගම් භේදය සම්පුර්ණයෙන්ම තුරන් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසිය.

විපක්ෂ නායකවරයා ඒ බැව් කියා සිටියේ (16) දින දමිල ප්‍රගිතිශිලි සන්ධානය විසින් නුවරඑලිය මහ නගර සභා ක්‍රිඩාංගණයේ සංවිධානය කර තිබු තෛපොංගල් දින උත්සවයට සහභාගි වෙමිණි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු විපක්ෂ නායකවරයා වැඩි දුරටත් කියා සිටියේ

තෛපොංගල් උත්සවය කියන්නේ උත්කර්ෂවත් ලෙස සමරන ආගමික උත්සවයක්.

ආගමික අනන්‍යතාවය ඉදිරියටත් සුරක්ෂිත කරන්න අපි කටයුතු කරනවා. සියළුම ආගම් ආරක්ෂා කිරිමට අපි කටයුතු කරනවා.

වතු කම්කරුවන් සිය දහදිය මහන්සිය වෙහෙසලා තේ ක්ෂෙත්‍රයෙන් මේ රටට විදේශි විනිමය ගේනකොට ඔහුන්ට මෙරට පුරවැසිභාවය තිබුණේ නැ.

රණසිංහ ප්‍රේමදාස මහතා  වතු කම්කරුවන්ගේ පුරවැසිභාවය ලබා දිලා අයිතින් සුරක්ෂිත කරා.

වතු කම්කරුවන් කම්කරුවන් වශයෙන් සිමා නොකර කුඩා තේ වතු හිමියන් බවට පත් කිරිමේ සටන රණසිංහ ප්‍රේමදාසගේ පුතා වශයෙන් සජිත් ප්‍රේමදාස කටයුතු කරනවා.

අපි මේ වන විට සාකච්ඡා කරමින් ඉන්නවා වතු කම්කරු ප්‍රඥප්තිය සම්බන්ධයෙන්. සමගි ජනබලවේගයේ අනාගත ප්‍රතිපත්ති ප්‍රකාශයට එකතු කරලා අනාගත ජනාධිපතිවරයා වශයෙන් වතු කම්කරුවන්ගේ දියණුව සංවර්ධනය  උදෙසා  වෙනමම ජනාධිපති කාර්ය සාධන බලකායක් ස්ථාපනය කරනවා.

මේවා සම්බන්ධයෙන් මම ප්‍රකාශ කරද්දි ජනාධිපතිවරණයේදි , මහ මැතිවරණයේදි සමාජයේ සමහරු ජාති වාදය , ආගම් වාදය , ජාති ආගම් භේදය විවිධ මාධ්‍ය හරහා , සමාජ මාධ්‍ය හරහා මට පහර ගැහුවා.

මම ජාති වාදින්ට ආගම් වාදින්ට බය නැ , සමගි ජන බලවේග ආණ්ඩුවක් තුලින් ජාති ආගම් භේදය සම්පුර්ණයෙන්ම තුරන් කරනවා.

සමහර ජාති ආගම් වාදින්ට මේ රටේ ජනතාවගේ දුක තේරෙන්නේ නැ, පාලකයන්ට තේරෙන්නෙත් නැ.

ඒ මොකද ඒ ඇත්තොන්ගේ අතේ ගැස් පිපිරෙන්නේ නැ , දියර පොහොර කැන් පිපිරෙන්නේ නැ , ඒ අය ගැස් පොලිම් වල නැ , ඒ අය පොහොර නැතුව අනාත වෙලා නැ , ඒ අය සිනි, හාල්, කිරිපිටි , ඉන්ධන පොලිම් වල නැ.

මොකද ඒ ඇත්තොන්ට ඒවා බන්දේසියක තියලා මන්දිරයටම ගෙන්නා උකුලටම භාර දෙනවා.

ජනාතව දැන් හොදට ඇස් අරින්න කාලය හරි , ජාති වාදයට , ආගම් වාදයට යලි ඉඩක් දෙන්න එපා.

මේ මාතෘ භුමිය සංවර්ධනය කරන්න සියළු ජාතින් , සියළු ආගම්වල පිරිස් එකට එකතු වෙලා කටයුතු කරන්න ඕනි.

අද දරිද්‍රතාවය එන්න එන්නම ඉහල යනවා , මේ බල ප්‍රදේශයේ මාතෘ සහ ළදරු සෞඛ්‍ය තත්ත්වයන් ඉතාමත් පහල මට්ටමක පවතින්නේ.

මනුෂ්‍යත්වය මුල් කරගෙන යන ගමනක් තුල අපිට ඔබලාගේ දුක තේරෙනවා.

ඉන්දියානු අගමැති නරෙන්ද්‍ර මොදි සමග අපිට විශේෂ සබදතාවයක් තියෙනවා , ඒ සම්බන්ධතාවය වැඩි දියුණු කරගෙන මේ රටේ වතු කම්කරු ජනතාවගේ ආර්ථික , සමාජිය , අධ්‍යාපනික , නිවාස , සෞඛ්‍ය , සංස්කෘතිමය අයිතින් සුරැකිමට අපි කටයුතු කරනවා.

මම නිවාස අමත්‍යවරයා වශයෙන් කටයුතු කරනකොට නරේන්ද්‍ර මොදි මහතා අපිට ආධාර ලබා දුන්නා. ගිණි පොලි ණය නෙවෙයි ආධාර ලබා දුන්නා යනුවෙන් පැවසිය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂය දඩයම් කරලා හිරේ දාන්න ආණ්ඩුව සූදානම් වෙනවා
03:56
Video thumbnail
මෛත්‍රිපාලගේ නිල නිවස සිල්ලර බඩු කඩයකට දෙන්නද යන්නේ ?නලින්දටත් හිනා ගිය ප්‍රශ්නය
01:12
Video thumbnail
ගුරුවරුන්ට බලපෑම් කරලා අමතර පංති පවත්වන එක වහාම නවත්වන්න
04:15
Video thumbnail
ඉෂාරා සෙව්වන්දි මාංචුත් නැතුව බැංකොක් යනවා වගේ ගියේ - නලින්දට කට උත්තර නැතිවුණ ප්‍රශ්නය
01:20
Video thumbnail
කොළඹ දිස්ත්‍රික් සැලසුම් කමිටුව අගමැතිනිගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි
04:33
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස නිසා කැබිනට් මාධ්‍ය හමුව උණුසුම් ?අහන්න ඕනි දිලිත්, ගම්මන්පිල, විමල් දාලද ?
06:40
Video thumbnail
මහානායකහිමියන්ලා දෙබිඩි පිළිවෙතක්ද අනුගමනය කරන්නේ ?නෑ නේද ? ඒ ප්‍රශ්නය Thumbnail කරන්න එපා
05:36
Video thumbnail
සජිත් ආණ්ඩුව සැරටම අමතයි - ආණ්ඩුව IMF එකේ සුරතලා වෙලා
10:51
Video thumbnail
මහානායකහිමියන්ගේ ලිපිය ඇයි මාධ්‍යයට නිකුත් නොකළේ ?ලිපිය ජනපතිට ගියා..නලින්ද කියයි ?
05:02
Video thumbnail
වැරදි කරපු කරපු දඬුවම් ලැබෙනවා - ඒකට තමයි විපක්ෂය බයවෙලා ඉන්නේ
07:25