මෝදිගේ රජයට එරෙහි විශ්වාසභංගය පරාජයට පත්වෙයි

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ රජයට එරෙහිව විපක්ෂ සන්ධානය විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට භාරතීය ජනතා පක්ෂය අද (10) සමත් වුණා.

කොංග්‍රස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ගෞරව් ගොගෝයි විසින් පසුගිය 26 වැනිදායි අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට එරෙහිව විශ්වාසභංග යෝජනාව සභාගත කරනු ලැබුවේ.

එය පිළිගත් කතානායකවරයා විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා දිනය ලෙස පසුගිය 8 වැනිදා නම් කර තිබුණා.

ඒ අනුව විවාදය ආරම්භ කරනු ලැබුවේ කොංග්‍රස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ගෞරව් ගොගෝයි විසින්.

දින තුනක විවාදයකින් පසුව අද විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම පැවැත්වූ අතර එහිදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රමුඛ රජය විශ්වාසභංග යෝජනාව පරාජයට පත් කිරීමට සමත් වුණා.

ඡන්ද විමසීම සිදු කෙරුනේ වාචිකවයි.

අනතුරුව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පාර්ලිමේන්තුව ඇමතු අතර ඔහුගේ කතාව සිදුවන අතරවාරයේ කොන්ග්‍රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධි සහ රාහුල් ගාන්ධි ඇතුලු විපක්ෂ මන්ත්‍රීවරුන් සභා ගර්භයෙන් ඉවත්ව ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38