මෝදර රොහාන් සහ ඩුබායි නිපුනගේ ගෝලයෙක් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරද්දී අල්ලයි

මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන මෝදර රොහාන් සහ ඩුබායි නිපුනගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රධාන ගෝලයෙකු හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ඉතා සූක්ෂම ලෙස රැගෙන යමින් සිටිය දී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (14) දින යුක්තිය මෙහෙයුමට සමගාමීව මෝදර පොලිස් වසමේ මෝදර අළුත් මාවතේ පිහිටි ඩොමිනෝස් පීසා ආයතනය ආසන්නයේ දී සිදුකළ වැටලීමක දී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා.

එහි දී හෙරොයින් ග්‍රෑම් 112, මිලි ග්‍රෑම් 690ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25 මිලි ග්‍රෑම් 700 ක් සහ විද්‍යුත් තරාදියක්, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද රුපියල් 170,000 ක මුදලක් ඉතා සූක්ෂමව මෝටර් රථයේ කැබිහෝල් ය තුල සඟවා තබාගෙන සිටිය දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු අළුත් මාවත පාර, කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත භාර දී ඇති බව සඳහන්.

තවද මොහු මෝදර රොහාන් සහ ඩුබායි නිපුන ගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මොහයවන ප්‍රධාන ගොලයෙකු බව හදුනා ගෙන තිබෙනවා.