මෝදර දී බඩා රංජිට වෙඩි තබා ඝාතනය කළ සිද්ධියේ තොරතුරු එළියට

ඊයේ (15) රාත්‍රියේ මෝදර, රන්දිය උයන මහල් නිවාස සංකීර්ණය අසල දී සිදු වූ වෙඩි තැබීම පාතාල කල්ලි දෙකක් අතර පවතින ගැටුමක් බව පොලිසිය පවසනවා.

මෙම වෙඩි තැබීමෙන් රන්දිය උයන මහල් නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි සෙන්දිල් ආරුමුගම් දුෂ්‍යන්තන් නොහොත් ‘බඩා රංජි’ නැමැත්තා ජීවිතක්ෂයට පත් වුණා.

ත්‍රිරෝද රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් රිවෝල්වර් වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් තිබූ අතර, වෙඩි වැදීමෙන් තුවාල ලැබූ 40 හැවිරිදි ‘බඩා රංජි’ නැමැත්තා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගියා.

මෙම වෙඩි තැබීම පාතාල කල්ලි නායක කංජිපානි ඉම්රාන්ගේ පාර්ශවය විසින් සිදුකර ඇති බවටයි පොලිසිය සැකපළ කරන්නේ.

වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්වූ ‘බඩා රංජි’ නැමැත්තා, මේ වනවිට විදෙස් ගතව සැඟවී සිටින පූකුඩිකන්නා නැමැති පාතාල සාමාජිකයාගේ ආධාරකරුවෙක් බවයි අනාවරණය වී ඇත්තේ.

පොලිසිය පවසන්නේ දැනට වසර කිහිපයකට පෙර කංජිපානි ඉම්රාන්ගේ පියා කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට පළිගැනීමක් වශයෙන්, ඊයේ (15) මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් සැකකරුවන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර, කොළඹ උතුර පොලිස් කොට්ඨාශය මගින් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
2
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ උවමනාව දායාසිරිගේ කටින් ආවේ - සජබය ආණ්ඩු හදන්න ඉන්නේ මංකොල්ලකාරයින් එක්කද ?
04:12
Video thumbnail
සිමෙන්ති සමාගමකට විරෝධය පලකරමින් මිනිස්සු මහ පාරට බහියි
01:55
Video thumbnail
සරුවට වැඩුණු ගංජා හේනක් වටකළ මෙහෙයුම
00:59
Video thumbnail
සරුවට වැඩුණු මහා පරිමාණයේ ගංජා හේනක් වටලා ගස් 55000ක් අළු කරලා දායි
01:47
Video thumbnail
සිමෙන්ති සමාගමකට විරෝධය පලකරමින් මිනිස්සු මහ පාරට බහියි..ප්‍රදේශයට ලොකු හානියක් කරන්න යන්නේ
02:23
Video thumbnail
හිටපු ඇමති චන්ද්‍රසේනටත් වැඩ වරදියි - නෑනගෙයි මස්සිනාගෙයි තනියට යන්න බඩු හදා ගන්නවා
04:24
Video thumbnail
චාමර සම්පත්ට ඉස්සරහට වැටෙන නඩුවක් ගැන මාලිමා මන්ත්‍රී කියයි - චාමර දැන් බයේ දඟලනවා
06:02
Video thumbnail
බංගලාදේශයේ යැයි කියූ දියණියගේ සහ ඉත්තෑවගේ බැඳීම - අම්මයි තාත්තයි මාධ්‍යයට හෙළිකළ දේ මෙන්න
07:44
Video thumbnail
පාරේ වාහන මැද්දේ යන දුම්රිය මැදිරි - භාණ්ඩ ප්‍රවාහන මැදිරි රැගෙන යන අයුරු
02:00
Video thumbnail
හැමෝම බලාගෙන හිටපු සිංහ පැටව් දෙන්නටත් නම් තියයි - දෙහිවල සත්වෝද්‍යානයට අවුරුදු 90යි
05:48