මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය කොමසාරිස්වරියක් අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, එම කොමිෂන් සභාවට ලද තොරතුරක් මත සිදුකරගෙන යනු ලබන විමර්ශනයකට අදාළවයි.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නීත්‍යනුකූල මුල් ලියාපදිංචියක් නොමැතිව මෝටර් රථයක් 2017.02.17 දින නීත්‍යනුකූල නොවන පැවරීමක් සිදුකිරීම සඳහා අනුමැතිය ලබාදීමේ චෝදනාව මත සැකකාරියව ඊයේ (12) අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගැනුණු සැකකාරිය වර්තමානයේ මුදල් අමාත්‍යංශයේ, වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු බවයි අල්ලස් කොමිසම සඳහන් කළේ.
අත්අඩංගුවට ගන්නා ලද සැකකාරිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබෙනවා.














Gov property missappropreation how comes..bay
මෙගොල්ලන්ගෙ වත්කම් ගන පොඩ්ඩක් හොයලා බලන්න ගෙවල් දොරවල් හදපු හටි යාන වහන ගත්ත හටි කොහොමද කියලා.